Gossip

විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නෑ කියලා කළින් කිව්ව නිදහස් පක්ෂය හිටිහැටියේම මතය වෙනස් කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී අද (04) පෙරවරුවේ පැවැත්වෙනවා.

එම සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 25 කට වැඩි පිරිසක් සහභාගී වූ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂය ඡන්දය භාවිත කිරීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කල බව ඔහු වැඩිදුටත් පැවසුවා.

මේ අතර විශ්වාසභංග යෝජනාවේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටින බවට රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සිදුකල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් ක‍ළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!