Gossip

“විවාහ රෙජිස්ටාර් කෙනෙක් ගෙන්වන්න, එයාට නිකන් මැරෙන්න වලදාන්න දෙන්න බැහැ එයා මගේ ” – මියගිය පෙම්වතා අවසන් වරට දැකගන්නට ආපු තරුණිය වැලපෙයි

මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා.

මෙම මාරක රිය අනතුරින් ජීවතක්ෂයට පත්වුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවූ චිරාන් ඉසුරු නමැති තරුණයෙක්.

මෙම අනතුරින් මියගිය තරුණයාගේ පෙම්වතියත් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර තිබුණා.

කෙසේවෙතත් රෝහලේ සිට එම තරුණිය තම පෙම්වතාගේ අවසන් වතාවට දැකගන්නට ඇවිත් තියෙනවා.

“විවාහ රෙජිස්ටාර් කෙනෙක් ගෙන්වන්න, එයාට නිකන් මැරෙන්න වලදාන්න දෙන්න බැහැ. එයා මගේ, එයාට කසාද බදින්න ඕන කිව්වා…අනේ විවාහ රෙජිස්ටර් කෙනෙක්ව ගෙන්වන්න..” යැයි ඇය කෑ ගසමින් හඩනවා. ඒ මොහොත එතැන සිටි බොහෝ දෙනෙකුගේ නෙතට කඳුලක් එක්කරනුද දක්නට ලැබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!