Gossip

ඥානසාර හිමිට ඇප

මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හරින ලෙසයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කලේ.

එමෙන්ම ඥානසාර හිමියන්ට විදෙස් ගමන්ද තහනම් කෙරුණා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කෙරුනේ පසුගිය 14 වනදායි.

හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි. එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!