Gossip

විවාහ ජීවිතය නිසා පුතාගේ ජීවිතයම ලොකු අවුලකට පත්වුණා – උදාරිගෙන් වෙන්වූ සංගීත් ගැන කිව්ව තාත්තාත් නැවත විවාහ වෙයි

සුරංග සතරසිංහ කියන්නේ දැන් කොයි කවුරුත් දන්න විකට රංගන ශිල්පියෙක්. දෙරණ නාලිකාව මගින් විකාශය වන නාටක මාරයි නාට්‍යයේද මොහුගේ රංගනය දකින්නට පුළුවන් වුණා. ඒවගේම සංගීත් සතරසිංහගේ ආදරණීය තාත්තාත් ඔහුයි. ඉතින් සුරංගත් ඔහුගේ බිරිඳගෙත් අවුරුදු 30ක විවාහ සංවත්සරය මුල් ඇඳුමෙන් සැරසී සමරා තිබුණා. මේ ඔහු ඒ ගැන පුවත්පතක් හමුවේ කළ කතාබහක්.

අවුරුදු තිහකට පස්සේ ආයෙමත් මනාලයකු වෙන්න ඔබට හිතුණේ ඇයි?
මෙහෙමයි. මම විවාහ වුණේ 1988 ජුනි 08 වැනිදා. ඒ වෙද්දී මම හෝටල් කළමනාකරුවකු විදියටයි වැඩ කළේ. මගේ බිරිඳ ජෙනි ගුරුවරියක්. ඒ කා‍ලේ ප්‍රේම සම්බන්ධයක් මතයි අපි විවාහ වුණේ. අපි සතුටින් සාර්ථකව වසර තිහක් යුග දිවිය ගත කළා. ඒ සතුට සමරන්නයි මේ විදියට නැවතත් මංගල ඇඳුමෙන් සැරසෙන්න හිතුවේ.

ඊට අමතරව විශේෂ උත්සවයක් එහෙමත් ගත්තාද?
නැහැ. මමයි ජෙනියි මංගල ඇඳුමින් සැරසිලා ඡායාරූප ගත්තා. හවස ගෙදර ‍පොඩි පාටි එකක් තිබුණා. එච්චරයි.

ඡායාරූපවලට ඔබ දෙපළ සැරසුණේ උඩරට මංගල ඇඳුමින්? අවුරුදු තිහකට කලින් ඔබ දෙදෙනා විවාහ වන විටත් ඔබ සැරසී සිටියේත් උඩරට ඇඳුමින්ද?
නැහැ. එදා අපි සැරසුණේ බටහිර මනාල යුවළක් විදියටයි. මම ටයිකෝට් ඇන්දා ජෙනි වේල් පැලඳලා බටහිර මනාලියක වගේ සැරසුණා. ඒ හින්දා මේ උත්සවයට උඩරට ඇඳුමින් සැරසුණා. මේ වේලාවේ විශේෂයෙන් කිව යුත්තක් තියෙනවා. අපේ මේ උත්සවයට නොමි‍ලේ අනුග්‍රහය දැක්වූ කීප දෙනෙකු ඉන්නවා.
රශ්මි සැලෝන් (හැඩගැන්වීම) ඇහැ‍ලේ‍පොල මුල් ඇඳුම් සපයන්නෝ (මුල් ඇඳුම්)
අභිෂේක මණ්ඩපය (ආභරණ) සෙනිත් ස්ටුඩියෝ ප්‍රසන්න (ඡායාරූප) හැඩකාරි ආයතනය (ඇඳුම් සැපයීම) යන අයට මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.

සුරංගගේ බිරිඳ ජෙනීත් නිළියක් නේද?
ජෙනිව නිළියක් කළේ මමයි. ඇය මගේ නාටක මාරයි නාට්‍යයේ රඟපානවා. ඉදිරියේදී මම කරන තවත් නාට්‍යයක රඟපානවා. ජෙනිට රඟපාන්න තවත් ආරාධනා ලැබෙනවා. ඒත් වෘත්තියෙන් ගුරුවරියක් හින්දා රඟපාන්නේ මගේ නාට්‍යවල විතරයි.

වසර තිහක් පුරා ආ යුග දිවිය ගැන කතා කරද්දී ජෙනි ගැනත් ඔබට යමක් කියන්නට ඇති?
ජෙනි මට බිරිඳක් ‍නෙවෙයි අම්මා කෙනෙක්. මම කලාව තුළ ජනප්‍රිය වුණේ ඇය සමග විවාහ වූවාට පසුවයි. ඊර්ෂ්‍යා කුහකකම් තියෙනවා. මම ගැන නොයෙක් කේලම් නිර්නාමික ඇමතුම් විදියට ඇයට කී අය හිටියා. ඇය ඒවායින් සැලුණේ නැහැ. අදටත් මගේ ජීවිතය සාර්ථක වීම පිටුපස ඇය සිටිනවා.

තිස් වසරක යුග දිවියේ සතුටුම අවස්ථාව හා දුක්බරම අවස්ථාව මොකක්ද කියලා ඇහුවොත්?
සතුටුම අවස්ථාව තමයි අපේ පුතා සංගීත් අපේ ජීවිතයට එකතුවීම. දුක්බරම අවස්ථාව තමයි විවාහ ජීවිතය නිසා පුතාගේ ජීවිතයම ලොකු අවුලකට පත්වීම. හැබැයි දැන් අපේ දරුව ආයෙම අපිට හිමි වෙලා. ඔහු අපි ළඟ ඉන්නවා. ඒ ගැන සතුටුයි.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!