Gossip

“එයාගෙ ජීවිතයට මාව වටිනා කෙනෙක්‌ වෙන්න ඕනේ” – ගෙදරට හොරෙන් ආදරය කරන දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්

මේ දිනවල හැමෝගෙම ආදරය ලබන සොනාලි ටීචර් පුංචි තිරයේ තරම්ම ලෙංගතු ඒත් බැරෑරුම් කෙනෙක්‌ද?
වෙලාවකට මතුපිටින් පෙනෙන සුන්දරත්වයටත් වඩා ඇතුළාන්තය සුන්දරයි. ඇගේ ආදරයත් ඒ වගෙමයි. ඒ නිසාම හිමායා බණ්‌ඩාරගේ ආදරයෙන් ආදර හැන්දෑව වෙනස්‌ම පාටක්‌. වෙනමම හැඟුමක්‌, වෙනස්‌ම ආදරයක්‌ සටහන් කළා.

ගොඩක්‌ තරුණ වයසෙ, තරුණ ළමයින්ට උගන්වන එක ගුරුවරියක වශයෙන් හිමායට පහසු වුණාද?
චරිතය හිතපු තරම් අමාරු වුණේ නැහැ. ඒක තරුණ පිරිමි ළමයි අතරට යන ගොඩක්‌ තරුණ ගුරුවරියක්‌. ළමයින්ට ආදර්ශමත් ගුරුවරියක්‌ විදිහට චරිතය ගොඩනඟන්නෙ කොහොමද කියන එකයි මට ඒ චරිතය තුළ ගොඩනඟා ගන්න තිබුණේ. ඒක ඒ තරම්ම වෙනසක්‌ නැහැ. මම දැකල තියෙනව තරුණ ගුරුවරියො උසස්‌ පෙළ පන්තිවලට උගන්වන.

තරුණ වයසෙ ආදරේ ගැන හිමායා දරණ අදහස…?
ඒක අපිට වෙනස්‌ කරන්න බැහැ. ඈත අතීතයේ පටන් මනුස්‌සයො තරුණ වියට එළඹෙත්දි ආදරය කරනව, විවාහ වෙනවා. ඒත් ඒ තරුණ වයසේ කෙනකුගේ ශරීරයේ හෝමෝනවල වෙනස්‌වීමත් එක්‌ක ඇතිවෙන සාමාන්‍ය සංසිද්ධියක්‌. මම පාසල් ප්‍රේමය ප්‍රතික්‌ෂේප කරන කෙනෙක්‌ නෙවෙයි. සමහරු නම් කියනව පාසල් යන කාලෙ ආදරේ කරන එක හොඳ නැහැ අධ්‍යාපනයට බාධා වෙනව කියලා. ඒත් පාසල් වියේ ආදරයයි ඉගෙනීමයි සාර්ථකව කරගෙන ජීවිතය ජයගත්ත අය ඉන්නවා.

හිමායාටත් ඔබගේ පාසල් පරිසරය ප්‍රේමයට ඉඩ දුන්නද?
මගේ පාසල මිශ්‍ර පාසලක්‌. මට පාසල් වියේ ප්‍රේම සම්බන්ධතාවලට ඇරැයුම් ලැබිලා තියෙනවා. හැබැයි මට පාසල් වියේ විශේෂ ප්‍රේම සම්බන්ධයක්‌ තිබිලා නැහැ. මොකද මට ඒ ගැන ලෙකු දැනීමක්‌ තිබුණෙ නැහැ. මම වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුගේ රැකවරණය යටතේ හැදුන බාල නංගි. ඒ නිසා මට පාසල් සමයේ ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකර ගන්න ඉඩක්‌ ලැබිලා නැහැ.

හිමායා කියන්නෙ තරුණ වියේ ඇතිවන ප්‍රේම හැඟුම් ඔබට නොතිබුණා කියලද…?
මට ආදරේ ගැන දැනෙන්න පටන් ගන්නෙ උසස්‌ පෙළ පන්තියේ දී. ඒ දවස්‌වල පිරිමි ළමයෙක්‌ යාළු වෙන්න අහත්දි ලොකු සතුටක්‌ දැනුණා. කොහොම වුණත් පාසලෙන් සමුගත්තටත් පසුවයි මට ප්‍රේම සම්බන්ධයක්‌ ඇති වෙන්නෙ.

ජනප්‍රියත්වය එක්‌ක හිමායට ආදර ආරාධනා ලැබෙන්න පටන්ගත්තද…?
කවුරුත් ආදරේ ඉල්ලල පස්‌සෙන් ආවේ නම් නැහැ. ඒකට මගේ ජීවිතයේ ඉඩ ප්‍රස්‌තාවකුත් නැහැ. මොකද මම සමාජයේ ගැවසෙනවා හරිම අඩුයි. මගේ ජීවිතයේ ප්‍රියසාද, වෙනත් වෙනත් දේවල් නැහැ. මගේ රසිකයන් මා දිහා බලන්නෙ ගෞරවයෙන්.

අපි ආයෙත් හිමායාගේ දිවියේ ආදරබර මකතයන් වෙත යොමු වුණොත්…?
මට ප්‍රේම සම්බන්ධතා තුනක්‌ තිබිලා තියෙනවා. මේ වෙද්දි මම පෙම්වතියක්‌.

හිමායා විවාහය ගැන තීරණ අරන් අහවරද…?
යහපත් විදිහට ප්‍රේම සබඳතාව පවත්වගෙන ගියොත් ඒ ප්‍රේමය විවාහය දක්‌වා යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අපි ආදරය කරනවා. කොහොම වුණත් අනිත් තීන්දු තීරණ වෙනුවෙන් කාලයට ඉඩදීලා ඉන්නවා.

අයියලා දෙන්න මැද්දෙ හැදුන එකම නංගිට මේ ආදර කතාවෙදි බාධා එල්ල වුණේ නැතිද…?
අයියලා මේ දේවල් ගැන දන්නෙ නැහැ. ගෙදරට හොරෙන් තමයි මගේ පෙම් සම්බන්ධතා තිබිලා තියෙන්නෙ. දැන් වුණත් මගේ ආදර කතාව ගැන අයියලා වැඩියෙ දන්නෙ නැහැ.

හිමායා ඔබ ඔබගේ ආදරයෙන් පතන දේවල් මොනවද…?
ගැහැනු ළමයෙක්‌ විදිහට මට මගේ අප්පච්චිගෙන්, මගේ අයියලගෙන් ලැබුණ රැකවරණය මම ආදරය කරන කෙනාගෙන් හොයනවා. මගේ අප්පච්චි නැතිවුණේ මං පොඩිකාලෙ. ඒ ආදරය මම තවමත් හොයනවා. ඉතින් මට ආදරය කරන කෙනා මට හොද යාළුවෙක්‌ ආරක්‌ෂකයෙක්‌ වෙන්න ඕනෑ. තව එයා මාව තේරුම් ගන්න ඕනෑ. එයාට එයාගෙ ජීවිතයට මාව වටිනා කෙනෙක්‌ වෙන්න ඕනේ.

හිමායාට ඒ තරම් ආදරය කරන හිත කිව්වොත් කලාවට සමුදෙන්න කියලා…?
ජීවිතයේ හැම දෙයක්‌ම ලබලා හොඳ ආර්ථික මට්‌ටමක්‌ තියෙනව නම්, සැමියා කියනව නම් කලාවෙන් අයින් වෙන්න කියලා, එයට සමුදෙන එකයි හොඳම දේ. ලංකාව වගේ රටක කලාවෙන් ලොකු ආදායමක්‌ උපයන්න බැහැ. ඉතින් ඒ වෙනුවෙන් පෞද්ගලික ජීවිතේ දේවල් කැපකිරීම එතරම් සුබදායක නැහැ. මම දන්නවා ගොඩක්‌ කලාවේ ඉන්න අය යෑපෙන්නෙ තමන්ගෙ සැමියගෙන්. මම විවාහ වෙන කෙනා කැමතිනම් මම හොඳ නිර්මාණවලට දායක වෙනවා. එයා අකමැතිනම් මම කලාවට සමු දෙනවා.

හිමායා වැඩිපුර තිරයේ ලබන්නෙ පෙම්වතියගේ භූමිකාවමද…?
පෙම්වතියගේ චරිතය විතරක්‌ නෙවෙයි වෙනස්‌ චරිත ලැබිලා තියෙනවා. හැබැයි මට තවම අහිංසක පෙම්වතියගේ චරිතය රඟපාන්න ලැබිලා නැහැ. මම හැම වෙලාවෙම කැමතියි මම කියන කෙනාට වඩා වෙනස්‌ විදිහේ චරිතයක්‌ ලැබෙනවට.

හිමායා කියන්නේ හැබෑ දිවියේ අහිංසක පෙම්වතියක්‌ද…?
ගොඩක්‌ වෙලාවට මම අහිංසකයි. මගේ යාළුවෝ එක්‌ක තමයි මම අඬන්නෙ හිනාවෙන්නෙ… ඒ හැරුණම මම පාඩුවේ ඉන්න කෙනෙක්‌.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!