Gossip

“විවාහය දවසේ මිනිස්සු මගෙන් ඇහුවා ඇයව විවාහ කරගන්නේ ඇයි කියලා..ඇයව විවාහ කරගත්තොත් ඇය වගේ දරුවන් ලැබෙයි කියලත් ඇතැම් අය කිව්වා.”

සැබෑ ආදරය යනු කුමක්ද? බොහෝ දෙනාගේ මතයට අනුව මෙලොව සැබෑ ආදරය කියා දෙයක් නොමැත. නැතහොත් එවැනි ආදර කතා හමුවන්නේ නවකතා පොත්වල පිටු අතරින් පමණක්ය. නවකතා පොත්වල හමුවන චරිතවලට වඩා ශ්‍රේෂ්ඨ
ආදරණීය මිනිසුන් සැබැවින්ම අප අතරම සිටිනවා යැයි විශ්වාස කිරීම අපහසු විය හැකිය. නමුත් එවැනි සුන්දර මිනිසුන් තවමත් මේ මිහිමත සිටින බව අප පිළිගත යුතු සත්‍යයයි.
බොහෝ ආදර කතා ගොඩනැඟෙන්නේ සුන්දරත්වය මතයි. සුන්දරත්වය හේතුවෙන් ඇතිවන ආකර්ෂණය මතයි. නමුත් රූපයට එහා ගිය ආත්මීය බැඳීම් ඇති කරගත හැකි බව ඔබට මට පෙන්වාදෙන මිනිසුන්ද සිටිනවා. ජයප්‍රකාශ් සහ සුනීතා එවැනි මිනිසුන් අතළොස්සකට අයත් ආදරණීය යුවළක්.
“මම මුලින්ම සුනීතාව දැක්කේ පාසලේදී. එතකොට මට අවුරුදු 17යි.
ඇයව දුටු විටම මට ඇය ගැන ආදරයක් ඇති වුණා. ඒත් ඉන් දින කිහිපයකට පස්සේ ඇය වෙනත් අයකු සමඟ සිටිනවා මම දැක්කා. ඒ නිසා ඇයව අමතක කරන්න මම තීරණය කළා. ඒත් මට කවදාවත් ඇයව අමතක කරන්න බැරි වුණා. පාසලෙන් ඉවත් වෙලා වසර තුනකට පස්සේ නැවතත් ඇයට අමතන්න මට අවස්ථාවක් ලැබුණා. ඒත් ඉගෙනීම් වැඩ නිසා අපි නැවතත් අපිට මඟහැරුණා.”
දෛවයේ නියමයට අනුව කිහිපවරක් සුනීතාගෙන් වෙන් වන ජයප්‍රකාශ්ට නැවත ඇයව මුණගැසෙන්නේ 2011 වර්ෂයේදීයි. නමුත් එවිට ඔහු දකින්නේ වෙනදා ඔහු දුටු සුන්දර තරුණ යුවතිය නම් නොවේ. 2011 වසරේදී රිය අනතුරකින් ඉතා දරුණු ලෙස සුනීතාගේ මුහුණ විකෘති වෙනවා. එම අනතුර පිළිබඳව ඇය විස්තර කරනුයේ මේ ආකාරයටයි.
“මගේ මුහුණේ කිසිම දෙයක් තිබුණේ නැහැ. මගේ මුහුණ පිරිසුදු කරන්න විතරක් සති දෙකක් ගත වුණා. යටි හනුවේ තැන් පහක් විතර කැඩිලා තිබුණා. උඩු හනුව සම්පූර්ණයෙන්ම තැළිලයි තිබුණේ. මගේ කටේ තිබුණේ එක දතක් විතරයි. මගේ මුහුණ ලොකු වළක් විතරයි. මම ගොඩක් කල් යනකල් මගේ මුහුණ බැලුවෙ නැහැ. මුහුණ මේ තත්ත්වයට ගත්තේ සැත්කම් 27ක් පමණ කිරීමෙන් පසුවයි.”
මෙම අනතුර සැලවීමත් සමඟ ජයප්‍රකාශ් නැවතත් ඇය සොයා එනවා. රූපයෙන් වෙනස් වුවද සුනීතා තවමත් ඔහු ආදරය කළ කාන්තාවම බව සිතීමට තරම් ඉතා ශ්‍රේෂ්ඨ හදවතක් මේ උතුම් මිනිසා සතුවූවා. මේ අනුව ඇයට විවාහ යෝජනාවක් කිරීමට ඔහු තීරණය කරනු ලබනවා. නමුත් එයට එක්වර පිළිතුරක් ලබාදීමට සුනීතාට නොහැකි වෙනවා.
“2014 වර්ෂයේදී ඇය මාව විවාහ කරගන්න කැමැති වුණා. ඊට පසුව අපි විවාහ වුණා. විවාහය දවසේ මිනිස්සු මගෙන් ඇහුවා ඇයව විවාහ කරගන්නේ ඇයි කියලා. ඇයව විවාහ කරගත්තොත් ඇය වගේ දරුවන් ලැබෙයි කියලත් ඇතැම් අය කිව්වා. නමුත් ඇය වගේ දරුවන් ලැබෙන එක මට ගැටලුවක් වුණේ නැහැ. හැමදාමත් මම ඇයව දැක්කේ සුන්දර විධියටයි. ඇයගේ ආදරය මගේ ජීවිතය වෙනස් කළා. අද අපිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අපි ඉතාම සතුටෙන් ජීවත් වෙනවා.අදටත් ඔහු ඇය පිළිබඳව කතාබහ කරනුයේ ඔහුගේ සිතේ ඇය පිළිබඳව ඇති සැබෑම ආදරයත් සමඟයි.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!