Gossip

ඉෂ්ඨ රූප සහිතව ධාවනය කියලා පොලිසියෙන් දුන්නු දඩ කොලේ ඇත්තම කතාව මෙන්න – Photos

වාහනයක ඩෑශ් බෝඩ් එකේ තියන බුදු පිලිමයක ෆොටෝ එකත් එක්ක, දඩ කොලයක ෆොටෝ එකක් මේ ටිකේම ෆේස්බුක් එක පුරාම වගේ ශෙයා වෙනවා පේන්න තියනවා.
දඩ කොලයේ වරද විදිහට තියෙන්නේ “ඉෂ්ඨ රූප සහිතව ධාවනය කිරීම” කියලා.
ඉතිං මේ දඩ කොලය ලැබුනු කෙනා තමන්ගෙ කාර් එක ඇතුළෙන් බුදු පිළිමය අහුවෙන්න ෆොටෝ එකක් ගහලා,බුදු පිළිමයටත් දඩ ගැහුවා වගෙ වැරදි අර්ථයක් එන විදියට දඩ කොළය එක්කම ඉෂ්ඨ රූපේ/ Crash Bar එකේ

සෝෂල් මීඩියා අප්ලෝඩ් කරනවා,අන්තිමේ දඩ කොලේ කතාව හුවමාරු වෙන්නේ වෙනස්ම ආරෙකට,ඒක ජාතිවාදි දඩ කොළයක් වෙනවා..
ලංකාවේ සිංහල සිවිල් ජනයා ඔක්කොම වගේ,මේ වැඩේට අහුවෙලා තියෙනවා.
අදාල පොලීසි නිලධාරියාටයි, ආණ්ඩුවටයි බනිනවා බෞද්ධාගමට කරන නිගරු කිරීම් කියලා. ඉෂ්ඨ රූපය යනු,බුදු පිළිමය කියලා හිතාගෙන සෑහෙන්න ගින්නක් ඇවිලී තිබුණා.

ඒත් ඒ කතාව මෙන්න මෙහෙමයි.

ඉෂ්ඨ රූප කියන්නේ ඔය බුදුපිළිමයට නෙවෙයි වාහනයේ ඉස්සරහ ලයිට්ස් වලට එලියෙන් සවිකරන් යන යකඩ වැටක් වගේ තියන බාර් එකකට.
ඒ ආවරණය පැලදීම ඇත්තටම නීතිවිරෝධී. ඉංග්‍රීසියෙන් ඕකට crash bar/crash board කියලත් කියනවා.
2009 අංක 08 දරන සංශෝධිත මෝටර් වාහන පනතේ 67 වෙනි වගන්තියයටතේ මෙය වරදක් ලෙස පැහැදිලිව දක්වා තියනවා.
ඉතිං මේ දඩ මුදල වැදිලා තියෙන්නේ මේ වාහනයේ ඉදිරිපස නොපෙනෙන ලෙස තිබීම.
මෙතනදී වැරදි වැටහීම ඇතිකරවන්න හේතුව,දඩ කොළේ ගෙවන්න වුණු කෙනාගේ වැරදි වැටහීමද,හිතාමතාම නොමඟ යැවීමේ චේතනාවද,දඩය සම්බන්ධව පොලිස් නිලධාරියාගේ පැහදිලි කිරීමක් නොමැති වීමද කියන්නනම් අපි දන්නේ නෑ.
හැබයි මෙන්න මේක තමා, ඉෂ්ඨ රූපේ ඇත්තම කතාව.

මේ ගැන පොලිස් මූලස්ථානයද මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබුණා.

පසුගිය දිනෙක පුද්ගලයෙකු විසින් සමාජ මාධය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුළ අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබදව අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විසින් විමර්ශනයක් සිදුකරන ලද අතර, එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවි කර තිබූ මල් මාලා ඉවත් කිරීමට අදාළ පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබාදී ඇති බවයි. කිසිම විටක පොලිස් නිලධාරියා බුදු පිළිමය ඉවත් කිරීමට උපදෙස් ලබාදී නැත.
මෙම විමර්ශනයට අදාළව අදාළ පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ අනුවද පැහැදිලි වන්නේ බුදු පිළිමයක් ඉවත් කිරීමට පොලිස් නිලධාරියා උපදෙස් දී නොමැති බවයි.
වාහනවල ඉදිරි වින්ස්ක්‍රීන වැසෙන සේ මල් මාලා, කුඩා මල් පෝච්චි එල්ලාගෙන යෑම හා ඩ්‍රෑෂ් බෝඩය මත සවි කිරීම තුළින් ඉදිරි දර්ශන අපැහැදිලි වන අතර එමගින් අනතුරු සිදුවේ. එම වරද සම්බන්ධව රියදුරුට දැනුම් දී ඇත.
රියදුරු විසින් වෙනත් ආකාරයට අර්ථ නිරූපනය කරමින් බුදු පිළිමය ගැලවීමට පොලිස් නිලධාරියා උපදෙස් ලබාදුන් බව පවසා වීඩියෝව නිකුත් කර ඇත.
අදාල පුවත මගින් ජාතීන් අතර, ආගම් අතර විසන්වාදය, වෛරය ඇති වන අකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින්, එම පුවත් පළ කළ පුද්ගලයා සහ චේතනාන්විතව සමාජ මාධය ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනය මගින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!