Update
පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.
මෙම තත්වය හමුවේ ඇය ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී තිබෙනවා.
එම සාකච්ඡාවලින් පසුවයි මෙලෙස රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර ඇත්තේ.
—————————————————————————————————————–
පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා වනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඇය කියා ඇත්තේ තමා දරණ අමාත්‍ය ධූරය පිළිබඳව අද හෝ හෙට තීරණයක් ගන්නා බවයි.
මේ අතර රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ විජයකලා මහේෂ්වරන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.
එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවටයි විජයකලා මහේෂ්වරන් සිදු කළ එම ආන්දෝලනාත්මක ප්‍රකාශයේ ඇතුලත් වුණේ.
කෙසේවෙතත් මේ වන විටත් එම කතාව සම්බන්ධයෙන් සමාජයේ උණුසුම් කතාබහක් ඇතිවී තිබෙනවා.