Gossip News

වැටුප් ගැටළුව තවම විසදිලා නැහැ..ආබාධිත රණවිරුවන් හත්වන දිනටත් මහ මග..

ආබාධිත රණවිරුවන් දියත් කර ඇති විරෝධතාව අද(17) හත්වන දිනටත් පවත්වන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසනවා.

තම ගැටළුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අද දිනයේ අනුමැතිය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව යු.ඩි.වසන්ත මහතා පවසනවා.

වැටුප් ගැටළුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සංවිධාන කර ඇති විරෝධතාව ඊයේ(16) රාත්‍රියේත් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වුවත් ‍ඔවුන් නිරන්තරයෙන් තම අයිතින් වෙනුවෙන් එම ස්ථානයේ රැඳී සිටින ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් තම අයිතීන් වෙනුවෙන් මෙම පිරිස පසුගිය 10 වන දින මෙම විරෝධතාවය ආරම්භ කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!