තරු හුට පට

වැටුණේ ඇත්තටමයි අනේ…!

ලෝචනා ඉමාෂි කියන්නේ මේ දවස්වල ටෙලි නාට්‍යයවල එහෙම ඇමතිස්සෙම වගේ දකින කෙනෙක්නේ. කොහොම හරි ඔය අතරේ ලෝචනා ඇදන් වැටුණු කතාවක් අපිට දැනගන්න ලැබුණා. විස්තරේ මෙහෙමයි.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ “තූර්යා” රූගත කිරීම් කරන අතරතුරරේදීයි. ඒකෙදි පුංචි සීන් එකක් තිබිලා තියෙනවා ලෝචනා අපොන්සු මහත්මයත් එක්ක බඩු වගයක් අරගෙන යද්දි ඇදගෙන වැටෙන. කොහොම හරි ඉතින් ලෝචනා බඩු ටික උස්සගෙන යද්දි ඇත්තටම ඇදගෙන වැටිලා. සීන් එකේ තියෙන නිසා ෂුට් එකේ කට්ටිය හිතලා තියෙන්නේ ලෝචනා රඟපානවා කියලයි. ලෝචනාගේ කකුලුත් තුවලා වෙලා හොඳ ගණන්ලු. ඒ මදිවට තාම ෂූට් කරනවා. “කට්” කියන වචනේ ඇහනකන් බලාගෙන හිටපු ලෝචනා බැරිම තැන “මාව වැටුණේ ඇත්තටමයි අනේ” ගාගෙන අඬාගෙන ගියා කියලයි අපිට ආරංචි වුණේ.

සෙට් එකේ අය එතකොට තමයි දැනගෙන තියෙන්නේ මේක සීන් එකේ කෑල්ලදක් නෙමෙයි. ඇත්තටම වුණ දෙයක් කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවේ ලෝචනාගේ උදව්වට ආව අයට වඩා හිනාවුණු අය වැඩියිලු. ඒ මදිවට මාධව (ලල් එක) මේ සීන් එක වීඩියෝ කරලා තාම ලෝචනාව බයිට් කරනවා කියලයි අපිටනම් ආරංචි වුණේ.

2 Comments

2 Comments

  1. Jennylynne

    March 27, 2013 at 11:14 am

    Going to put this atrcile to good use now.

  2. Felix

    March 29, 2013 at 7:15 pm

    Very true! Makes a cnahge to see someone spell it out like that. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!