Gossip

වසර 18ට පසු ශ්‍රී ලංකා සිතියම වෙනස් වෙයි – දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ ගොඩවීමක්

ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 1: 50000 පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන නව ශ්‍රී ලංකා සිතියමේ සිතියම් 65ක කටයුතු මේ වන විටත් අවසන් කර තිබෙන අතර ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා කියා තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා සිතියම යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුව වීම විශේෂත්වයක්.

එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ විශාල වෙනසක් ඇති කරමින් සිදු කල කොළඔ වරාය නගරයද නව සිතියමට ඇතුලත් කරන බව වාර්තා වනවා.

නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සහ නැගෙනහිර වෙරළෙ තීරයේ ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් දක්නට ලැබෙන බවද ඔහු පවසනවා.

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් නව සිතියම සකස් කරන අතර එහි කටයුතු සම්පූර්ණ වූ පසු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම සිතියම ලබාගත හැකි බවයි මිණුම්පතිවරයා සඳහන් කරන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!