Gossip News

වසර දෙකක් තිස්සේ බියගන්වා පාසැල් දැරියව අතවර කළ, මවගේ අනියම් සැමියා..

වසර දෙකක් තිස්සේ අවුරුදු 15 ක් වයසැති බාල වයස්කාර දැරියක බියගන්වා දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පෙරේදා (12 දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් සමත්වී තිබේ.

අතවරයට පත් දැරියගේ පියා මීට අවුරුදු 7 කට ප‍්‍රථම මියගොස් ඇති අතර මව සැකකාර තැනැත්තා සමගින් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

මව විසින් දැරිය අනියම් පුරුෂයාට රැකබලා ගැනීමට භාරදී මැදපෙරදිග රැකියාවකට ගොස් ඇති අතර වඩු කර්මාන්තයේ නියැලී සිටින සැකකරු 2019 වර්ෂයේ සිට 2020 දෙසැම්බර් 05 දා දක්වා වරින් වර දැරිය බරපතළ ලෙස අතවරයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පරීක්‍ෂණ පවත්වන නිලධාරිනියක් පැවැසුවාය.

දැරිය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මහෙස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!