Gossip News

තවත් කර්මාන්ත ශාලාවක කොරෝනා රෝගින් 47 දෙනෙක් හමුවෙයි

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට පිහිටි  මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් 6 දෙනෙකුගෙන් අහඹු ලෙස ලබාගත් පිසිආර් පරික්ෂණ හයකින් 5  දෙනකු පසුගිය 11 දා  ලැබුනු ප්‍රතිඵල වලට අනුව වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ පසුගිය 12 වැනිදා එම කර්මාන්ත ශාලාවේ සේවය කළ   සියළුම සේවකයින්  පි සි ආර් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවය කරන 47  දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට ඊයේ (14) රාත්‍රී යේ ලැබුණු ප්‍රතිඵල වලින් තහවුරු වී ඇතැයි එම මහතා පැවසීය.

ඒ අනුව මෙ වන විට කර්මාන්තශාලාවේ  පනස් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර  ඒ අතර ඉන්දියන්  ජාතිකයින් 37 දෙනකු  සහ එම කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හා වෙනත්  ප්‍රදේශවලින් සේවයට පැමිණි පුද්ගලයින් ඉතිරි පිරිස වේ.

මේ වන විට කර්මාන්ත ශාලාවේ සියලු රෝගීන් ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායන කටයුතුවලට යොමු කරමින් සිටින අතර  කර්මාන්ත ශාලාවේ ඉතිරි සේවකයන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළම නිරෝධායන කටයුතුවලට යොමු කර ඇත.

කර්මාන්තශාලාවේ සේවකයින්ට  මෙම රෝගය වැළඳුනු ආකාරය පිළිබඳ  මේ වන වන විට පරික්ෂණ  සිදු කෙරෙමින් පවතින අතර කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!