වසන්ත සේනානායක අද උදෑසන පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබෙනවා.
පසුගියදා ඔහු සංචාරක හා වනජීවී කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
නමුත් පාර්ලිමේන්තුවේ නව සැසිය පැවැත්වුණු 14 වැනිදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පලකරන බවද සඳහන් කළා.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඔහු එක්වූ බවයි වාර්තා වන්නේ.