Gossip

මගේ පෙම්වතා මගේ ශරීරය දිහා බලන්නේ Art එකක් විදිහට – මගේ Pose වලින් Art එකක් එන්නේ නැත්නම් එයා කියනවා – චමත්කා ලක්මිණී

ඇය නිර්භය තරුණියක්ද? නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද?
ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තිය තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා ඇය නිර්භය තරුණියක්. ඒ නිසයි ඇයට ‘ගිණියම් රෑ’ වැනි Music Video වක් තුළ එවැනි සමලිංගික චරිතයක් නිරූපණය කිරීමට හැකිවුණේ. ඇය නමින් චමත්කා ලක්මිණි.

මගෙනුත් බොහෝ දෙනෙක් අහනවා ඇත්තටම ඔබ සමලිංගිකද කියලා
හයියෝ… හයියෝ… ඇත්තටම මම සමලිංගික කෙල්ලෙක් නෙවෙයි. මට පෙම්වතෙක් ඉන්නවා. අපි විවාහ ගිවිසගෙනත් ඉවරයි. මම ඒ Video එකේ නිරූපණයක් කළේ. Professional Model කෙනෙක් විදිහට ඒ වගේ නිරූපණයක් කරන්න වෙනවා, එච්චරයි.

සමලිංගිකත්වය ගැන ඔබ හිතන්නේ කොහොමද?
ඒක තවත් ස්වාභාවික දෙයක්. කෙනෙක් විෂම ලිංගිකයන්ට කැමති වෙද්දී, කෙනෙක් සමලිංගිකයන්ට කැමති වෙනවා. ඒ ගැන ඇත්තටම ලොකුවට හිතන්න ඕන නැහැ.

හරි සමස්ත ලිංගිකත්වය නැතිනම් Sex ගැන ආකල්පය මේකමද?
මෙහෙමයි, ඒකත් ස්වාභාවික දෙයක්. අපේ මිනිස්සු ඒ ගැන හිතන්නේ මහා ලොකුවටනේ. හෙන භයානක දෙයක් වගේ. ඒ වගේ අය ගැන තියෙන්නේ මට අනුකම්පාවක්. මම දකින විදිහට sex කියන්නෙත් Art එකක්. Sex විඳින්න ඕන Art එකක් විදිහට. හිතන්න ඕන Art එකක් විදිහට. එහෙම හිතුවම Sex කියන්නේ මාර දෙයක් කියලා පෙනේවි.

ඔබගේ Photoshoots, Video බොහොමයක ඔබේ ශරීරය නිරාවරණය වෙලා තියෙනවා. Boy Friend කැමැතිද ඒකට?
එයා පටුවිදිහට හිතන මනුස්සයෙක් නෙවෙයි. මගේ ශරීරයමයි ඔබේ පෙම්වතියට තියෙන්නෙත්. මෙය කියවන පාඨකයන්ගේ අම්මට, බිරිඳට, සහෝදරියට, පෙම්වතියට තියෙන්නෙත්. ශරීරය පේනවා කියලා බනින සමහර Girlsලාට තියෙන්නෙත්. ඒක මේ අමුතු දෙයක් නෙවෙයි, හිතේ කහට තියාගෙන බලද්දී හැමදේම ඇදයි. මගේ පෙම්වතා මගේ ශරීරය දිහා බලන්නේ Art එකක් විදිහට. මගේ Pose වලින් Art එකක් එන්නේ නැත්නම් එයා කියනවා. ශරීරය නිරාවරණය තිබීම එම Art එකට බාධාවක් නම්, එයා ඒකත් කියනවා. ඒවගේම ශරීරය ආවරණය වීම ඒ Art එකට බාධාවක් නම්, ඒකත් කියනවා. ඔහු දන්නවා වෘත්තිය මොකක්ද? ගැහැනිය කවුද? පෞද්ගලික ජීවිතේ මොකක්ද කියන එක.

Model කෙනෙක් වුණාම Figure එක ගැන කොහොමද හිතන්න ඕන?
Model කෙනෙක් නෙවෙයි, මම කියන්නේ හැම ගැහැනියක්ම හිතන් ඕන තමන් Model කෙනෙක් කියලා. එහෙම හිතලා Figure එක ගැන විතරක් නෙවෙයි අනෙක් හැමදේම අඳින පලඳින විදිහ, කන බොන විදිහ, ඇවිදින විදිහ වගේ දේවලුත් හදාගන්න ඕන.

ගැහැනියකට ඒ ඇතිද?
නැහැ… නැහැ.., ගැහැනියක් වුණාම හිතන විදිහ, හැසිරෙන විදිහ, දැනුම රැස්කරන විදිහ, පවුල් සබඳතා ගැන හිතන විදිහ වගේ ගොඩක් දේවල් ගැන දැනුම්වත් වෙන්න ඕන. මම ඒක Model Category එකේ දාලා කිව්වේ නැත්තේ වර්තමානයේ Modelලා කියල Lable අලවගෙන ඉන්න අය කරන වැඩ දැක්කම ඒ ටික දැම්මොත් ලැජ්ජාවට පත්වෙන නිසා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!