Gossip

වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලියටත් දැඩි ආරක්ෂාවක්

වවුනියාව නගරයේ පිහිටා ඇති ජුම්මා මුස්ලිම් පල්ලිය අවට ඊයේ රාත්‍රියේ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණු බවට වාර්තා වනවා.

ඒ සඳහා පොලිස් නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් ගේ සහය ලබාගෙන තිබෙනවා.

මේ අතර වවුනියාව මුස්ලිම් ව්‍යාපාරිකයින් අද (09) වවුනියාව නගරයේදී හර්තාලයක් පැවැත්වීමට සුදානම් වන බවට ආරංචි පැතිර තිබුණද පවතින තත්වය හමුවේ එවැන්නක් නොපැවැත්වීමට තිරණය කර ඇති බවටද වාර්තා වනවා.

වවුනියාව නගරයේ සෑම මුස්ලිම් දේවස්ථානයක් අවටම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශවලින්ද වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!