Gossip News

වත්තල කර්මාන්ත ශාලාවක් වසා දමයි.. කොවිඩ් ආසාදිත 49 ක් සොයා ගනී.. තවත් අවදානමක්ද..?

වත්තල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 ආසාදිතයින් 49 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා.
එහි සේවකයින් 120කුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 49 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.
මෙම ආසාදිතයන් ඊයේ රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනෙක් පිරිස අද රෝහල් ගත කිරීමට කටයුතු කරන බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා සඳහන් කළා.
අදාළ කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.
පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වූ අනෙකුත් සේවකයින්ගේ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!