Gossip

වට්ටක්කා විකුණගන්න බැරිවුණ ගොවියන්ට සතුටු හිතෙන ආරංචියක්

වට්ටක්කා අස්වැන්න අලෙවි කරගත නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින ගොවීන්ගේ එම අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වට්ටක්කා ගොවීන් සිය අස්වැන්න අලෙවි කරගත නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකළ ඉල්ලීමක් මත මහා භාණ්ඩාගාරය විසින් අදාළ මුදල් වෙන් කිරීම සිදුකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව අදාළ මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදා හැර ඇති අතර වට්ටක්කා අස්වනු මිලදීගෙන සුදුසු පරිදි වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද(08) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ මෙවැනි අවස්ථාවක ගොවීන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවැනි තීරණයක් ගත් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!