Gossip

ලෝක බලවතා සිය බිරිඳ සමඟ නත්තල් දා මහ රෑ හොර රහසේම ගිය ගමන මෙන්න – Video & Photos

ලෝක බලවතා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමට ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හමුවීම සිදුව තිබෙන්නේ නත්තල් දින රාත්‍රියේ බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

නත්තල් දිනයේදී හමුදා සෙබළුන් පුදුම කරමින් ජනපති ඩොනල්ඩ් සහ මෙලනියා ඉරාකයට පැමිණ තිබුණා.

එහිදී ඇමරිකානු සෙබළු ඉරාකය තුල සිදුකරන මෙහෙයුම් අගය කර ඇති අතර ඔවුන් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද එක්වී තිබෙනවා.

ඇමරිකානු සෙබළුන් 5000 ක් පමණ ඉරාකයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම්වල නිරතව සිටින අතර ඔවුන් ඉවත් කරගැනීමේ සූදානමක්  තවමත් නොමැති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!