Gossip

ලෝකයම කළඹමින් ලංකාවෙන් හමුවුණු දරුගැබක් සහිත පිරිමියා – වෛද්‍යවරු පුදුමයට පත්වෙයි

පිරිමියෙක්ට දරුගැබක් ඇතිවීම යනු පුදුම සහගත කරුණයක් වුනත් මෙවැනි පුවත් ලොකය පුරාම මෙන්ම ලංකාව තුලින්ද හමු වේ. මේ එවැනි පුවත් හා ඒවට හේතු උනු කරුණු පිලිබදව කරුණු අනාවණය කරගත හැකි සිද්ධි දාමයකි.

“පිරිමියකුට දරු ගැබක්‌” ඒ මීට වසර 40 කට පෙර 1977 දී මෙරට වැඩියෙන්ම අලෙවි වූ සිංහල පුවත්පතක ශීර්ෂපාඨය විය. එය විශේෂ පුවතක්‌ ලෙස සලකා එකී ඉරිදා පුවත්පතේ පළ කර තිබුණේ අලුයම මුද්‍රණයේය. ඒ වනවිට වෙනත් හෙඩ්ලයින් තිබුණු මුද්‍රණ 3 ක්‌ නිකුත්කොට හමාරය. හතළිස්‌ වසරකට පෙර ලංකාව පුරා පැතිර ගිය මේ පුවත ලංකාව ගිනි තබන්නක්‌ බව කිවහොත් නිවැරැදිය.

1977 දී පළවූ මේ ප්‍රවෘත්තිය රට කළඹන එකක්‌ විය. මීට වසරකට පමණ පෙරද මෙවැනි ප්‍රවෘත්තියක්‌ පළ විය. එහෙත් මේ ශරීරයේ අභ්‍යන්තරිකව දරු ගැබක්‌ පිහිටා ඇති පුරුෂයන් ගැන නොවේ. එම සිරස්‌තලය වූයේ “වසර දෙකක්‌ පවුල් කෑ සැමියා ගැහැණියක්‌ බව බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක්‌”ය.

එහිදි සිදුවී තිබුණේ මංගල යෝජනාවකින් කෙරුණු විවාහයකි. බිරිඳ කලින් විවාහකය. තම අලුත් සැමියා කිසි දින ටීෂර්ට්‌එකක්‌ නැතිව නිවසේ වැඩපළ කළේ නැත. සැමියා තම උඩුකය කිසිවිට නිරාවරණය නොකිරීම මාමණ්‌ඩියගේද සැකයට හේතුවී තිබුණි. වසර දෙකක්‌ පවුල් කෑවද මොවුන් දෙදෙනා ශාරීරිකව එක්‌වී තිබුණේ දෙවරක්‌ පමණි. පොලිස්‌ පැමිණිල්ලේ සඳහන්කොට ඇති පරිදි බිරිඳ පවසා ඇත්තේ මේ එක්‌වීම සිදුවී ඇත්තේ දැඩි අන්දකාරයේය. මේ එක්‌වීමේදී තමනට දැඩි වේදනාවක්‌ හට ගත් බවත් කෘත්‍රිම යමක්‌ තම ප්‍රජනන පද්ධතියට ඇතුළු කෙරුණු බවත් බිරිඳ පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

නමුත් බිරිඳ අවසානයේ තම සැමියාට නිදි පෙති දී සියල්ල අනාවරණය කොට ගෙන ගියේ පොලිසියටය. ඇය හැසිරුණේ වෙඩි කෑ ඌරකු මෙනි. මෙරට විද්යුත්නාලිකා මෙන්ම පුවත්පත් ඈ වටකරගෙන ප්‍රශ්න අසද්දී ඇය ලැ-ජාවෙන් මිරිකුණාය. ඊටත් වඩා ගෑණියෙක්‌ එක්‌ක පවුල් කෑ තවත් ගෑනියෙක්‌· පිරිමියකු ලෙස පෙනීසිටි කාන්තාවගේ කටඋත්තර ද පොලිසිය මගින් ලබාගන්නා ලදී. කටඋත්තර අනුව පෙනී ගියේ මේ කාන්තාව සෑහෙන කලක සිට පිරිමියකු මෙන් පෙනී සිට ඇති බවය.

වෘත්තියෙන් මේසන්බාස්‌වරයකු වූ මොහු කලක්‌ හෝටලයක වේටර්වරයකු වශයෙන් ද කටයුතු කොට තිබුණි. එහෙත් මේ කාන්තාව පිරිමියකු ලෙස සමාජය ඉදිරියේ ශාරීරිකව පිරිමියකු නොව දරු ගැබක්‌ සහිත දරුවන් වැදිය හැකි ගෑණු පරාණයකි. අප මේ උපුටන්නට යන කරුණ ඊට හාත්පසින්ම වෙනස්‌ ය. මේ කියන්නට යන්නේ පෙනුමෙන් පිරිමියකු වුවද කාන්තාවක මෙන් ශරීරය අභ්‍යන්තරයේ දරු ගැබක්‌ සහිත පිරිමියකු ගැනය.

1977 ප්‍රකාශයට පත් මෙරට ප්‍රධානතම සිංහල පුවත්පතක පළ වූ මේ ප්‍රවෘත්තිය සංස්‌කරණයකින් තොරව මෙසේ පළ කර සිටිමු.
පිරිමියකු වශයෙන් බාහිර පෙනීම ඇතත් දරුවන් ලැබීමට අවශ්‍ය සියලුම අංග ඇතුළත් ස්‌ත්‍රියකගේ අභ්‍යන්තර ලක්‍ෂණ සහිත තරුණයකු පිළිබඳ අරුම පුදුම කතාවක්‌ වාර්තා වෙයි.

මේ තරුණයා කොළඹ රෝහලකට ඇතුළත්වී ඇත්තේ හර්නියා නම් රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහාය. රෝහල් වෛද්‍යවරුන් මෙම තරුණ රෝගියා පරීක්‍ෂා කර බලා ශල්‍ය වෛද්‍ය අංශයට යෑව්වේ හර්නියා රෝගයට ශල්‍යකර්මයක්‌ කර ප්‍රතිකාර කිරීමටය.

කෝෂයක්‌ ශල්‍යකර්මයට භාජනය කරත්ම රෝහලේ සිටි ශල්‍යකර්ම වෛද්‍යවරුන් පුදුමයට පත් කරමින් මෙතෙක්‌ මේ රටේ හමු නොවුණ ලෝකයේ කිසිම රටකින් මෙතෙක්‌ වාර්තා නොවුණු “පුදුම දර්ශනයක්‌” දැක තිබේ.

මේ ලාංකික තරුණයාගේ කෝෂයේ ඇතුළත පිරිමි ලකුණු වෙනුවට දක්‌නට ලැබුණේ ස්‌ත්‍රියකගේ උදරයේ දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන දරු බොක්‌කක්‌ හා දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන බීජ පහ වෙන අංගයන්ය. තවදුරටත් පරීක්‍ෂා කර බැලීමේදී දක්‌නට ලැබී ඇත්තේ පිරිමියකුගෙන් එක්‌වෙන ශුක්‍රාණු ස්‌ත්‍රියක තුළ දරුවකු පිළිසිඳ ගැනීමට ගමන් කරන නාල යුගලයන් ද ඒ තුළ තැන්පත්ව තිබී ඇත.

පිරිමියකු වශයෙන් බාහිර පෙනීමට ලක්‌වන කෝෂ දෙක උදරයේ අභ්‍යන්තරයේ පිහිටා තිබී ඇත.

තරුණයාගේ ස්‌ත්‍රී ලක්‍ෂණ සම්බන්ධව මවිතයට පත් වූ රෝහලේ වෛද්‍යවරුන් මේ පිළිබඳ ඡායාරූප සහිත විස්‌තර වැඩිදුර පරීක්‍ෂණ සඳහා එක්‌සත් රාජධානියට යවා ඇත. මෙම පුදුම සහගත ලක්‍ෂණ ශල්‍යකර්මයට ලක්‌ කර ඉවත් කරන්නේ නම් එය ඉතාම භාරදූර ශල්‍යකර්මයක්‌ වන හෙයින් තරුණයාගේ ජිවිත ආරක්‍ෂාව ගැන සිතා සියල්ලම තිබූ සේම තැන්පත් කර ඇති බවද කියති.

මේ තරුණයාගේ ඡායාරූප එක්‌සත් රාජධානියට යෑවූ බව කිව්වත් ඉන්පසු මේ ප්‍රවෘත්තියට සිදුවූ දෙයක්‌ නැත. ඇත්තෙන්ම පිරිමියකුට දරු සම්පත් ලැබිය හැකි ද හතළිස්‌ වසරක්‌ ගියද අපට විස¹ ගත නොහැකි වී ඇති කරුණ එයයි. නමුත් ලෝක ඉතිහාසය පිරික්‌සීමේදී මේ ගැන කදිම ප්‍රවෘත්ති අනාවරණය කෙරේ. එම අතීත තොරතුරු දැන සිටියා නම් ඇතැම්විට සිංහල පුවත්පත මේ ප්‍රවෘත්තිය ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස යොදා නොගැනීමටද ඉඩ තිබුණි.

මෙම පිරිමියා රෝහල් ගතවී තිබුණේ හර්නියා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ය. ශල්‍යකර්මයක්‌ කරවා ගැනීමටය. ශල්‍යකර්මයට තරුණයාගේ බඩ කපා විවර කළ විට ශල්‍ය වෛද්‍යවරුන් අන්දමන්ද විය. දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය ස්‌ත්‍රියකගේ සියලු අභ්‍යන්තර අවයව සියල්ල මේ තරුණයාගේ ශරීර අභ්‍යන්තරයේ තිබී ඇත.

ගැහැනු වූ පිරිමි හා පිරිමින් වූ ගැහැනු ගැන විවිධ ප්‍රවෘත්ති අපට දැන ගන්නට ලැබේ. ඇතැම් පිරිමින් ශල්‍යකර්ම මගින් ගැහැනුන් වූ බවත් ගැහැනුන් ශල්‍යකර්ම මගින් පිරිමින් වූ බවටත් ප්‍රවෘත්ති නිතර දැක ගත හැකි ය. එහෙත් මේ හතළිස්‌ වසරකට මෙරට අනාවරණය වූයේ එවැනි ප්‍රවෘතියක්‌ නොවේ. මේ තත්ත්වය අනාවරණය කෙරෙන්නේ වෛද්‍ය විද්‍යාත්මකව “ද්විලිංගිකයන්” ලෙසය.

මෙය සමහර සත්ව විශේෂවල දක්‌නට ලැබෙන කරුණකි. එකම සත්ත්වයාට ඩිම්බ (අණ්‌ඩ) ශුක්‍රාණු නිපදවීමේ හැකියාව ස්‌වභාවික තත්ත්වයකි. සත්ත්වයන් අතරින් අපගේ නිවෙස්‌වල දැනුත් දැකිය හැකි ගොලුබෙල්ලා සහ ගැඩවිලා මෙවැනි සත්ත්වයන්ය. මෙවැනි සත්ත්වයන් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ “ද්වි ලිංගිකයන්” ලෙසය. එහෙත් මිනිසුන් අතර ද (පිරිමි) ද්විලිංගිකයන් සිටින බව සොයා ගතහැක්‌කේ ශල්‍යාගාරයකදී කරන පරීක්‍ෂණයකදී පමණි.

ඉතිහාසයේ ද්විලිංගිකයන් විසින් ස්‌වශක්‌තියෙන් දරුවන් බිහිකළ බවට සාක්‍ෂි නැත. නමුත් දොස්‌තර මැග්නස්‌ගේ වාර්තා අනුව 1473 දී ප්‍රංශයේ පූජකවරයකු ගැබ්ගෙන සිටි බවට සාක්‍ෂි සොයාගෙන තිබේ. දොස්‌තරවරයා පුදුමයට පත් කරමින් දරුවන් බිහි කළ යුද භටයන් ගැන ද වාර්තා සොයා ගැනීමට දොස්‌තරවරයා ගවේෂණශිලී වී තිබේ. වසර 1500 දී පළ කළ පොතක සඳහන්ව ඇත්තේ සත් වසරක්‌ පවුල් කෑ යුද්ධ භටයකු ගැහැනියක මෙන් දරුවකු ප්‍රසූත කළ බවය. දොස්‌තර මැග්නස්‌ගේ වාර්තාවල අවසානයේ බොහෝ විට සඳහන් වන්නේ දරුවන් බිහි කරන පිරිමි තමන්ව සැකකරන බවය. බොහෝ විට පිරිමින් මෙන් පෙනී සිටින ගැහැනුන් දරුවන් බිහි කරන බවට දොස්‌තර මහතා මතවාදයක්‌ ඉදිරිපත් කර සිටී.

දොස්‌තර මැග්නස්‌ ද්විලිංගිකයන් ගැන අන්තයටම පර්යේෂණ කළ පුද්ගලයෙකි. වරක්‌ දරුවකු බිහිකළ නැවියකු ගැන දැනගන්නට ලැබුණ නමුත් අවසානයේ සිදුවූයේ කුමක්‌දැයි දොස්‌තර මහතාට සොයාගත හැකි විය. තරුණියකට නාවුකයකු ලෙස හමුදාවට බැඳීමට අවශ්‍ය වූ විට ඇයකළේ පිරිමියකු මෙන් වෙස්‌වලාගෙන නාවුක හමුදාවට බැඳීමය. පිරිමියකු ලෙස පෙනී සිටි රූමත් තරුණියගේ රහස දැනගත් නාවුකයකු “රහස එළිකරන” බවට ඇයට තර්ජනය කොට ඇය සමඟ යහන්ගතව ඇත. අවසානයේ දරුවකු ලැබීම සටහන්ව ඇත්තේ නාවුකයකුට දරුවකු ලැබීමක්‌ ලෙසය.

දොස්‌තර මැග්නස්‌ගේ වාර්තාවලින් සහතික කොට ඇත්තේ පිරිමින් ලෙස පෙනී සිටින ද්විලිංගිකයන් තමන් විවාහපත් භාර්යාවට ලැබිය යුතු ලිංගික තෘප්තියේ කිසිම අඩුවක්‌ නැතිව සපුරාලීමට රුසියන් බවය. මේ බොහෝ ද්විලිංගිකයන් තමන් ද්විලිංගිකයන් බව නොදනි. එය සොයාගත හැක්‌කේ වෛද්‍ය පර්යේෂණයක්‌ මගින් පමණකි. එවැනි ද්විලිංගිකයන් දරුවකු ඇති කිරීමේ පියකුගේ කාර්ය භාරය ඉටු කළ බවට වෛද්‍ය විද්‍යාත්මක ඕනෑ තරම් සාක්‍ෂිලොව පුරා ඇති බව වෛද්‍ය මැග්නස්‌ තම වාර්තාවේ සහතික කොට ඇත.

දොස්‌තර මැග්නස්‌ගේ වාර්තාව අනුව ඔහු අධ්‍යයනය කළ එක්‌ ද්විලිංගිකයකු වයස අවුරුදු 25 වනතුරුත් ජීවත්ව ඇත්තේ තරුණියක ලෙසය. නමුත් ටික කලක්‌ ගියවිට තරුණියට පියකු හෙවත් පීතෘත්වය ලබා ගැනීමට අවශ්‍යව ඇත. දොස්‌තර මැග්නස්‌ හමුවට පසු කලෙක පැමිණ ඇත්තේ සුරතල් දියණියකද කැටුවය.

සෑම ද්විලිංගික ස්‌වභාවයක්‌ම ග්‍රන්ථි මූලික වශයෙන් සැළකිය හැකිය. බොහෝ විට ද්විලිංගික ලකුණු පෙන්වන තැනැත්තකුට ඇත්තේ එක්‌ ලිංගයකට අයත් උත්පාදක ජීවයක්‌ නම් ඒ තැනැත්තා ජනනේන්ද්‍රියයන් අතින් (උත්පත්ති ජනන ඉන්ද්‍රියයන් අතින්) ඒක ලිංගික වන අතර (ශරීරය තුළ ඕජස්‌ ශ්‍රාවය වන) නිර්නාල ග්‍රන්ථි අතින් ද්විලිංගික වේ. ඉතා කලාතුරකින් පිරිමි ලකුණුවලට වඩා ගැහැනු ලකුණු වැඩුණු තැනැත්තකුට ශුක්‍ර බීජ වහනය කළ හැකි වන අතර ප්‍රමුඛ වශයෙන් පිරිමි ලක්‍ෂණ ඇති කෙනෙකුට ඔසප් වීම සිදුවිය හැකිය.

(ස්‌ත්‍රී) අණ්‌ඩය හා (පුරුෂ) ශුක්‍රාණුව එක්‌ වීමෙන් ඇතිවන ප්‍රානියාට මුල සිටම ද්විලිංගික තත්ත්වය අමුතු දෙයක්‌ නොවන නමුදු ක්‍රමයෙන් එක්‌ වර්ගයක අවයව යටපත් වී අනෙක්‌ වර්ගයේ අවයව පමණක්‌ ප්‍රමුඛව වැඩෙන්නට පටන් ගනී. මෙසේ වනුයේ එම වර්ගය වර්ධනය කරන හෝමෝන (ශරීර වැඩීම් පාලනය කිරීම සඳහා නිර්නාල ග්‍රන්ථිවලින් වෑස්‌සෙන ද්‍රව්‍යයන්) අනික්‌ වර්ගයේ හෝමෝනවලට වඩා වැඩියෙන් ශ්‍රාවය වීම නිසාය. එහෙත් කලාතුරකින් පසු කලෙක මෙම හෝමෝන වර්ග ශ්‍රාවයෙන් විෂමතාවක්‌ නිසා මෙතෙක්‌ පැවැති ආකාරය යටපත් වී ද්විලිංගික තත්ත්වයක්‌ හෝ විරුද්ධ ලිංගික තත්ත්වයක්‌ හෝ ඇති විය හැකිය.

1663 වසරේදී පැරිසියේදී මරණ දඬුවමක්‌ නියම කෙරුණු සිද්ධියකින් ලෝකයම මවිත වී ඇත. මේ මරණ දඬුවම නියම වී තිබුණේ අඹුසැමි යුවළකටය. ඔවුනට එල්ලවූ චෝදනාව එකිනෙකා ගැබ් ගන්වා ගැනීමය. නමුත් අන්තිම මොහොතේ ලෝක ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වූ ලෝaරන්ස්‌ මැනිගෝ මහතා විසින් එම යුවළ මරණ දඬුවමෙන් බේරා ගෙන තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!