Gossip

නායකයා කවුරු වුණත් මගේ උපරිම සහය මම දෙනවා..පැතිරෙන කතා 50% ක් බොරු – අසේල ගුණරත්න හඬ අවදි කරයි

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
පසුගිය කාලේ එක දිගට අපේ ටීම් එක පරාජය වීම ගැන හුඟ දෙනෙක් කතා කළා.
ඒ අතරතුර අසේල ගුණරත්නගේ අඩුව ගැනත් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා.
ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී පසුගිය ජූලි මස පැවැති ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටියදී තුවාල ලැබීමෙන් අසේලට මාස හතරකට වැඩි කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවුණා.
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට අසේල සහභාගි වී සිටින අතර එහිදී ඔහුගේ අලුත්ම තොරතුරු දැන ගැනීමට අවස්ථාව හිමිවිය.

ඔබේ ආබාධයේ තත්ත්වය දැන් කොහොමද?
තවම සියයට සියයක් සුව නෑ. ඇඟිල්ලේ ඇටේ කෑලි හයකට කුඩුවෙලා තිබුණේ. දැන් අලුත්ම ඇටයක් තියෙන්නේ. ශල්‍යකර්මයෙන් මම හිතන්නේ මහලා තියෙන්නේ. ටික කාලයක් යද්දී ඇඟිල්ල තිබුණ තත්ත්වයටම පත් වෙනවා. එවිට ප්ලාස්ටර් අවශ්‍ය නෑ.

ආබාධයකට ලක්ව සිටි මාස හතර කාලය මට වසර දෙකක් වගේ දැනුණා.

අත සුව කරන්න ගොඩක් මහන්සි වුණා. වේදනාව තිබියදී තමයි පුහුණුවීම් ආරම්භ කළේ. අත ගැන මම වැඩි කැපවීමක් කළ නිසයි මාස හතරකින් නැවතත් එන්න ලැබුණේ නැත්නම් මේ තුවාලේ සුවවෙන්න වසරක් පමණ ගතවෙන්න තිබුණා.

වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළා. මම වාහන පදවන විටත් අතේ පන්දුවක් තියාගෙන ව්‍යාමයක් කර කර ගියා.

මාස හතරම අත ගැන තමයි අවධානය යොමු කළේ. දැන් සුවයි. ක‍්‍රීඩාවට නැවත එන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

ඒ මාස හතරේ තරග රූපවාහිනියෙන් බලද්දී ක‍්‍රීඩා කරන්න තිබුණා නම් කියලා දුක හිතුණා. ඇඟිල්ල සුව කරගෙන නැවත කණ්ඩායමට එන්න ලැබුණ එක ගැන ඒ වගේම දැන් සතුටුයි.

ඔබ මීට පෙර මෙවැනි ආබාධවලට ලක්වෙලා තිබුණද?
මගේ ක‍්‍රිකට් ජීවිතේ තුවාල වෙලා තියෙනවා. නමුත් මෙතරම් බරපතළ හානියක් වෙලා නෑ.

මීට පෙර තුවාල වෙලා තියෙනවා ඒවා මාසෙන් දෙකෙන් සුව වෙලා තියෙනවා. ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කරද්දී මේක වෙච්ච එක තමයි ගැටලුව. ඒ සියල්ල අමතක කරලා රටට ජයග‍්‍රහණ ගේන්න කටයුතු කරනවා.

වම් අත තුවාල වී සිටීම නිසා මට පන්දු යවන්න ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. අවශ්‍ය ඕනෑම අවස්ථාවක පන්දු යවන්න සූදානම්.

නව නායකයෙක් යටතේ තමයි ඔබ නැවතත් කණ්ඩායමට පැමිණ සිටින්නේ පිළිබඳව දැනෙන්නේ මොකක්ද?
නායකයා කවුරු වුණත් අපේ උපරිම සේවය නායකයාට දීලා කණ්ඩායම ජයග‍්‍රහණයට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඉන්දියාවේ ප්‍රේක්‍ෂයන්ගෙන් ලොකු ශබ්දයක් තියෙන නිසා විශාල අභියෝගයක් තියෙනවා. ඒ සියල්ලම යටපත් කරමින් තරගාවලිය ජයග‍්‍රහණය කිරීම තමයි එකම අරමුණ.

ඔබේ නම පසුගිය දිනවල නායකත්වය සමඟත් කියවුණා නේද?
මම සමාජ වෙබ්වල පළවන දේවල් සියයට 50 ක් විතර බොරු. මම ඒවා වැඩිය හිතන්නේ නෑ. මම ඒ වෙලාවේ තුවාල වෙලාත් ඉන්න නිසා මම එය වැඩිය ගණන් ගත්තේ නෑ.

නව පිතිකරු පුහුණුකරු තිලාන් සමරවීර සමඟ කටයුතු කරන්න ලැබුණද?
නව පිතිකරු පුහුණුකරු සමඟ මට කටයුතු කරන්න තවම ලැබුණේ නෑ. ඉදිරියේදී ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!