Gossip

ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලත් වෙයි – Photos

බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනාගේ ලේඛනයක් ජාත්‍යන්තර බීබීසී මාධ්‍ය ආයතනය විසින් සකස් කර තිබෙනවා.
මෙම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්ද ඇතුලත්.
මෙම ශ්‍රේණිගත කිරීම්වල 23 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ සුප්‍රකට සාගර විද්‍යාඥ ආචාර්ය ආශා දි වොස්.
මෙම ජාත්‍යන්තර ලැයිස්තුවට ලොව පුරා රටවල් 60ක වයස අවුරුදු 15 ත් 94 ත් අතර කාන්තාවන් ඇතුළත් වනවා.
මෙහි පළමු තැන හිමිකරගෙන තිබෙන්නේ නයිජීරියාවේ අභිසොයේ අජායි අකිනොෆොර්ලාන්ය.
2 වැනි ස්ථානය බහරේනයේ එස්රා අල ශාෆෙයි විසින් ද, 3 වන ස්ථානය රුසියාවේ ස්වෙත්ලානා ඇලෙක්සීවා විසින් ද හිමි කර ගෙන තිබෙනවා.
ආචාර්ය ආශා දී වොස් සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වනවා.
තවද අධ්‍යයන සහ සාගර ක්‍රියාකාරකම් නිසාම ඇය ලෝක ආර්ථික සමුළුවේදී තරුණ ලෝක නායකයෙකු ලෙස ගෞරවයටද පාත්‍ර වීම විශේෂත්වයක්.
ලංකාවට අභිමානයක් ගෙනදෙමින් ඇය දිනෙන් දිනම සාගර ජීවීන් සහ පරිසර පද්ධතීන් පිළිබඳව සිදුකරන ලද මෙහෙය මෙරට අනාගත පරම්පරාව පවා අමන්දානන්දයට කරන බව අපට විශ්වාසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!