Gossip

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” – ලොවම වෙනස් කල වෙනස් මිනිසා

බිල්ගේට්ස් වර්තමානය වනවිටද මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙසද කටයුතු කරන අතරතුර මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදකවරයකු මෙන්ම අන්තර්ජාල තාක්ෂණය ලොවටම බෙදාහරින්නෙකු ලෙසද ලොව පුරා තම නාමය ප්‍රකට කර තිබේ.
මම විභාගයේ සමහර විෂයන්ගෙන් අසමත් වුණා. ඒත් මගේ මිතුරන් සියලු ම විෂයන් සමත්. ඒත් මම අද මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘවරයා ‍වගේම එහි මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.
මෙසේ පවසා ඇත්තේ මුළු ලෝකයක් වෙනස් කළ ලෝකයේ සුප්‍රකට ධනවතා වන බිල්ගේට් විසිනි. මොහු 2016 වර්ෂයේ ලෝකයේ සුප්‍රකට බිලියනපතියන් 20 දෙනාගෙන් ප්‍රමුඛයා බව ෆෝබ්ස් සඟරාව දක්වනු ලබයි.
බිල් ගේට්ස්ට දැනට ඇති මුළු වත්කමෙහි වටිනාකම ඩොලර් බිලියන 75 කි. මොහු මුළු ලෝකයක් මවිත කරමින් ලෝකයට හඳුන්වා දුන් මයික්‍රොසොෆ්ට් ආයතනය අද දක්වාම ප්‍රමුඛස්ථානයේ සිටින්නේ එහි නිර්මාතෘවරයා වන මොහුගේ වෙනස් වූ බුද්ධිමය සංකල්පයක් හේතු කොට ගෙනයි.
තම ව්‍යාපාරික තාක්ෂණික ඥානය ලොවට දායාද කළ චරිතයක් පමණක් නොවූ මොහු ලොව අපූර්වතම මානව හිතවාදියෙකි. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන වදන අමතක කර දමා බිල්ගේට්ස් විවිධ ක්ෂේත්‍රයන්ගෙන් යුත් දක්ෂතාවන් පෙන්වනු ලැබූ සුපිරි තරුවක් බව මුළු ලෝකයම දනිති.
ව්‍යවසායකයෙක්, ප්‍රකට ව්‍යාපාරිකයෙක්, තාක්ෂණික උපදේශකවරයෙක්, ඉංජිනේරුවරයෙක් මෙන්ම මානව හිතවාදියකුද වන බිල් ගේට්ස්ගේ කතාව මෙසේ දැක්විය හැකිය.
බිල් ගේට්ස් 1955 ඔක්තෝබර් 28වන දින ඇමෙරිකාවේ වොෂින්ටනයේ සියැ‍ටල් ප්‍රාන්තයේ උපත ලැබුවේය. පියා නීතිඥවරයකු වූ අතර මව පාසල් ගුරුවරියක විය.
තම එකම පුත්‍රයා කවදා හෝ ලොව වෙනස් කළ පුද්ගලයා පමණක් නොව සුප්‍රකට ධනපතියකු වන බව කුඩා කාලයේ දී බිල්ගේ දෙමවුපියන් නොසිතුවේය. බිල් ප්‍රථමයෙන්ම පොදු ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වූ අතර ඉන්පසු ලේක්සයිඩ් පාසලට ඇතුළත් විය.
පරිගණක මෘදුකාංග හා පරිගණක වැඩසටහන් පිළිබඳ සිතේ දැඩි ආශාවක් මෙන්ම උනන්දුවක් බිල්ගේ සිතට පැමිණියේ අවුරුදු 13 දීය.
1973 දී හාර්වඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහුට එහි දී ස්ටීව් බාල්ටන් හමුවිය. මෘදුකාංග පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරමින් නව නිපැයුම් පිළිබඳ තම තෙවැනි ඇස යොමු කරමින් බොසිත් නම් වූ පරිගණක භාෂාව ක්ෂුද්‍ර පරිගණකයේ (Micro Computors) වන මිට්ස් අල්ම්යර් (Mits Altair) සඳහා හඳුන්වන දෙනු ලැබුවේය.
වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා කැප නොකළ බිල්ගේට්ස් සිය හිතමිත්‍රයකු වන පෝල් ඇලන් සමඟ 1975 දී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ කළේ සිය වෙනත් සිතුවිලි ප්‍රායෝගිකව සනාථ කරලීමේ බලාපොරොත්තුවෙනි.
පුද්ගලික පරිගණයක් තුළින් ලෝකයක් පෙරළීය හැකි දුරදක්නා නුවණ සහ තාක්ෂණික ඥානය බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් නමැති පරිගණක මෘදුකාංගය ලෝකයේ ජනප්‍රියතම සමාගම බවට පත්කරලීමට මනා පිටුබලයක් විය.
බිල්ගේට්ස් වර්තමානය වනවිටද මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයා ලෙසද කටයුතු කරන අතරතුර මයික්‍රොසොෆ්ට් සමාගමෙහි මෘදුකාංග නිෂ්පාදකවරයකු මෙන්ම අන්තර්ජාල තාක්ෂණය ලොවටම බෙදාහරින්නෙකු ලෙසද ලොව පුරා තම නාමය ප්‍රකට කර තිබේ.
මෙම සමාගමේ ආදායම වසරකට ඩොලර් බිලියන 32.9 කි. ලෝකයේ රටවල් 85කට වඩා වැඩි වශයෙන් ලෝකය පුරා 55,000කට අධික පිරිසක් මයි‍ක්‍රොසොෆ්ට් සමාගමෙහි සේවයෙහි නිරත වී සිටිති.
බිල්ගේ සුවිශේෂීභාවය වනුයේ වෙනස් වූ නායකත්වයකින් අඩු වියදමක් දරා ලොව මවිතයට පත් කළ හැකි නිෂ්පාදනයක් බිහිකරලීමයි. ඊට හොඳම උදාහරණය ලෙස බිල් භාවිතයට පහසු වියදම් අඩු සහ විනෝදයෙන් හැසිරවිය හැකි මෘදුකාංගයන් නිර්මාණය කරලීම දැක්විය හැකිය. එම මෘදුකාංගය සඳහා බිල් ඩොලර් මිලියන 6ක් පමණ ආයෝජනය කළේය.
1976 වර්ෂය අවසානයේ සම්පූර්ණ නිදහස් සමාගමක් ලෙස ප්‍රකට වූ මයික්‍රොසොෆ්ට් ආයතනය විවිධ පරිගණක පද්ධතීන්ට යොදා ගත හැකි මෘදුකාංග නිෂ්පාදනයට යොමුවිය. බිල්ගේට්ස් ප්‍රකාශ කරන අන්දමට තම ආයතනය ආරම්භ කළ මුල් කාලයේ එහි සේවය කළ සේවකයින් තම උපරිම ශ්‍රම දායකත්වය යොදා තම ව්‍යාපාරයේ සමෘද්ධිය උදෙසා ඇපකැප වී වැඩකරන ලදී.
තමන්ගේ ජීවිතයට පැමිණෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බිල් තම ව්‍යාපාරත් ව්‍යාපාරික අංශයෙහි කටයුතු සොයා බලන අතරතුර පරිගණක කේතක ලිවීමටද පටන් ගත්හ. සමාගමේ පළමු වසර පහ කාලය තුළදී සමාගම විසින් නිර්මාණය කරන ලද සෑම කේතයක්ම පෞද්ගලික පරීක්ෂාවට ලක්කරනු ලැබුවේ බිල් විසින්මය.
බිල් ගේට්ස් ඉන්පසු IBM PC නම් පෞද්ගලික පරිගණකය සඳහා BASIC යොදා ගැනීම පිණිස 1980 දී IBM සමාගම සමඟ හවුලේ වැඩ කරන ලදී.
තමන්ට මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය බව ප්‍රකාශ කළ IBM ආයතනය සඳහා CPIM මෙහෙයුම් පද්ධතිය නිපදවන ඩිජිටල් රිසර්ච් ආයතනයෙන් උදව් ලබාගත හැකි බව බිල් ඔවුන්ට සඳහන් කරනු ලැබුවේය. මේ සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වූ අතර මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමට උනන්දු වන IBM නියෝජිත ජැක් සෑම්ස් බිල්ගෙන් කරුණු විමසූහ.
CPIM මෙහෙයුම් පද්ධතියට සමාන සියැටල් පරිගණක නිෂ්පාදකයන්ගෙන් 86-DOS (QDOS) මෙම පරිගණකය යොදා ගත හැකි බව බිල් ජැක් සෑම්ස්ට ප්‍රකාශ කරන ලදී.
අවසානයේදී IBM සමාගම පාරිභෝගිකයකු බව සඳහන් නොකරමින් මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ සම්බන්ධ විය. පෞද්ගලික පරිගණකයට අදාළ වන පරිද්දෙන් මෙහෙයුම් පද්ධතිය සකස් කළ මයික්‍රොසොෆ්ට් සමාගම එය PC DOS වශයෙන් නම් කොට IBM සමාගමට ලබාදෙන ලදී.
තම ව්‍යාපාරික ජීවිතයම පමණක් ජීවිතය කර නොගත් බිල් ගේට්ස් තම පෞද්ගලික ජීවිතයට විවාහය එක්කර ගනු ලැබූ‍ෙව් 1994 ජනවාරි 1 වනදා මෙලින්ඩා ග්‍රෙන්ච් ගේට්ස්ව විවාහ කර ගනිමිනි.
ඔවුන්ට දරුවන් තිදෙනෙකි. පත පොත කියැවීමට එතරම් රුචිකත්වයක් නොදක්වන බිල්ගේට්ස්ගේ ප්‍රියතම ක්‍රීඩාව ගෝල්ෆ්ය. බිල්ගේට්ස් ලෝකයේ ප්‍රමුඛතම බිලියනපතියා වූවද තම දරුවන්ට ළමා කාලයේදීම සුඛෝපභෝගී දේවල් කෙරෙහි අවධානය යොමු නොකළේය.
“මගේ පංතියේ හැම ළමයෙක් ළඟම ෆෝන් එකක් තියෙනවා. මට විතරයි නැත්තේ. ඒක ඇත්තටම ලැජ්ජාවක්. “දියණියෙක් තම පියාට පැමිණිලි කළේ එපරිද්දෙනි. එම දියණිය වෙත කිසිවකු නොව ලොව සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස්ගේ දෙවැනි දියණියයි.
“අපේ පවුලේ දරුවන් වෙනුවෙන් යම්කිසි නීති මාලාවක් ක්‍රියාත්මක වෙනවා.” දරුවන්ට ළමා කාලයක් තිබිය යුතු බවත් දරුවන්ට වයසට ගැළපෙන දේ පමණක් ලබා දීමට වගබලාගත යුතු බවත් බිල්ගේට්ස් පසුගිය වසරකදී අැමෙරිකන් මාධ්‍යයකට පවසා ඇත.
ලොව ප්‍රබලතම ධනවතකු වූවා පමණක් නොව ආදර්ශවත් පියකුගේ භූමිකාවද මැනවින් හෙබ වූ බිල්ගේට්ස් සැබෑම සොඳුරු මනුෂ්‍යත්වයකින් හෙබි පුද්ගලයෙකි.
2010 වසර වනවිටත් ලොව ධනවත්ම පුද්ගලයා බූ බිල්ගේට්ස් එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වූයේ ඔහුගේ වත්කම්වලින් අැමෙරිකානු ඩොලර් බිලියන 28ක් සමාජ සුබසාධක ව්‍යාපෘති වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් පසුවය.
“අනුන්ට උදව් කිරීමෙන් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරන තරමටම මම සතුටු වෙනවා. ඊටම ගැළපෙන බිරිඳක් ලැබීම මගේ වාසනාවක්. ප්‍රමාණයට වඩාත් මුදල් මට තිබීම මගේ දරුවන්ට වගේම සමාජයට අයහපත්. ඒ නිසා සුභසාධක කටයුතු හොඳ විකල්පයක්.”
මෙම ප්‍රකාශයෙන් බිල් ගේට්ස් සතුව ඇති පරිත්‍යාගශීලී බව මනාව ප්‍රකට කරයි. බුදුන්ගේ කාලයේ වෙස්සන්තර කෙනෙකු නොවුණද, නකුල මාතා, නකුල පීතා වැනි යුවළක් නොවුණද බිල්ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මුළු ලෝකයේම ධනවත් පවුල්වලට මහඟු ආදර්ශයකි.
තම පෘථුල තාක්ෂණික ඥානය ගුරු මුෂ්ටියකින් තොරව ලෝකයේ සියල්ලන්ටම බෙදා දීමේ අවංක චේතනාවෙන් 1995 බිල්ගේට්ස් විසින් ද රෝඩ් එහෙඩ් (The Road Ahead) නම් වූ කෘතිය සති 7ක් තුළ විශාල වශයෙන් අලෙවි වන පොත් අතර (Best Selling list) හි ප්‍රමුඛස්ථානයට පත්විය.
1999 දී බිල්ගේට්ස් විසින් රචිත “බිස්නස් ඇට් ස්පීඩ් තෝට්” (Business @ Speed Thought) නම් වූ කෘතිය ඔස්සේ පෙන්වා දුන්නේ පරිගණක මඟින් ව්‍යාපාරික ප්‍රශ්න විසඳා ගන්නා ආකාරයන් සඳහා භාවිතා කළ හැකි අලුත් මාර්ගයන්ය.
විදේශීය භාෂා 25කට භාෂා පරිවර්තනය කළ මෙම කෘතිය රටවල් 60කට වැඩි ප්‍රමාණයක අලෙවි විය. ඔහු තම කෘතිවලින් උපදවාගත් ආදායම අධ්‍යාපනයේ දියුණුව සඳහා සහ ළමුන්ගේ කුසලතා වර්ධනය සඳහා කැපවුණු ලාභ නොලබන සංවිධාන සඳහා පරිත්‍යාග කරන ලදි.
බිල් හා ඔහුගේ බිරිඳ වන ටෙලින්ඩා විසින් ලෝකයේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා වෙනත් මානුෂීය කටයුතු සඳහා ඩොලර් බිලියන 24ක මුදල් පරිත්‍යාග කරන ලද්දේ තමා ලෝකයේ සුප්‍රකටම බිලියනපතිනියක පමණක් බව නොසඟවමිනි. තවද එම දෙපළ එක්ව බිල් හා මෙලින්ඩා පදනම (Bill a Melinda Foundation) ආරම්භ කිරීමෙන් පසුව ඩොලර් බිලියන 3.2කට වඩා මුදලක් ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට (සංවිධානය) සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් වැය කළේය.
පෙර නොවූ විරූ මෙම මිනිසා සැබැවින්ම සොඳුරු ආඥාදායක යැයි කීම වැරදි නැත. ලොව වෙනස් කරලීමේ බලාපොරොත්තුව මිය යන තෙක්ම සිතෙහි රඳවාගෙන සිටිනා බිල්ගේට්ස්ගේ අනාගත සිහිනය වනුයේ ජීව තාක්ෂණය, ඩිජිටල් ඡායාරූප ශිල්පය, ජංගම දුරකථන තාක්ෂණය වැනි අතිනවීන තාක්ෂණික සමාගම්වලට මුදල් ආයෝජනය කර චන්ද්‍රිකා කිහිපයක් ගුවන් ගත කොට දුරකථන සන්නිවේදන සේවාවක් ආරම්භ කරමින් ලෝකයට තවත් නවීන තාක්ෂණික ක්‍රමයක් හඳුන්වා දීමය.
ලොවට ණයක් නොවී ලොවම මවිතයට පත්කළ මොහුට 2000 වර්ෂයේදී ආචාර්ය උපාධියක් හිමි වූයේ ඔහුගේ ව්‍යාපාරික දැනුම, උපදෙස් හා නායකත්වය පිළිබඳ ලොවම ගෞරවයෙන් විශ්වාස කළ නිසාවෙනි.
“දියුණු වීම වෙනස් වීමෙන් තොරව කළ නොහැකිය. තම සිත වෙනස් කර ගත නොහැකි පුද්ගලයින්ට කිසිවක් වෙනස් කළ නොහැකිය” යන ජෝර්ජ් බර්නාඩ් ජෝගේ මෙම වදනට හොඳම උදාහරණය වනුයේ බිල්ගේට්ස්ය. වෙනස් මඟක යමින් ලෝකයම වෙනස් කළ මහා ධනවතකු වන බිල් වර්තමානයේ සිටින ව්‍යාපාරිකයින්ට මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරිකයින්ට ද වටිනා පාඩම් රැසක් ඉගෙන ගත හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!