Gossip

ලාල්කාන්තට ඇප – රියදුරු බලපත්‍රය අහෝසියි

පසුගිය දෙවනිදා දහවල් අනුරාධපුර ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිඛෙනවා.

ඒ ඔහු අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

මෙහිදී අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් එක් අයෙක් සඳහා රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවීමට නියෝග කල අතර කේ . ඩී ලාල්කාන්ත මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

අනතුරින් යතුරුපැදිය පැදවූ කාන්තාව සහ ඇයගේ ඥාති දියණිය තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!