Gossip

ලංකාවේ අය තමන්ගෙම රට විනාශ කරනකොට ඕස්ට්‍රේලියානුවන් ලංකාවට ඇවිත් කරපු දේ

සංචාරකයන් විසින් ලංකාව පිරිසිදු කරන ඡායාරූප පසුගිය දවස්වල පුරාම සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙන්න පටන් ගත්තා.

අපේ රටේ අය රටට කිසිම ආදරයක් නැතිව කුණු යන යන හැමතැනම දාලා එනකොට අපේ රට ගැන කැක්කුමක් තියෙන විදේශිකයන් අපේ රට පිරිසිදු කරන්න දායක වෙලා තියෙනවා.

ඉතින් අපි මේ කියන්න යන්නේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරපු ඒ වගේ වැඩක් ගැන.

360ක පමණ පිරිසකගේ දායකත්වයෙන් ඔවුන් ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කරලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථීහු, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා නිලධාරීහු, ග්‍රීන් මැප් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිතයෝ සහ ධීවරයෝ පිරිසකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජෝන් පිලිප් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු වෙරළ තීරයන් පැවතීම අතිශය වැදගත් බවත් ඒ වගේම ගල්කිස්ස වෙරළතීරය පිරිසිදුකිරීම සතුටට කරුණක් කියලයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!