මොනරාගල නගරයේ වෙළෙඳසලකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් අට දෙනකු හමුවීමත් සමග නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා තිබෙනවා.
මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෞද්ගලික රෙදිපිළි අලෙවිසලක සේවය කළ පුද්ගලයන් අට දෙනකුට මෙසේ කොරෝනා ආසාදිත බව ඊයේ (11 වැනිදා) පස්වරුවේ දී අනාවරණය වී තිබේ.
එම රෝගීන් අට දෙනා වාර්තා වීමත් සමග මොනරාගල නගරයේ ඇති සියලුම වෙළෙඳසල් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය සභාව සහ මොනරාගල වෙළෙඳ සංගමය ඊයේ (11 වැනිදා) පස්වරුවේ දී පියවර ගෙන ඇත.