Gossip

රිය අනතුරකින් පුද්ගලයින් 21 ක් ජීවිත ගමනට සමුදෙයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

විවාහ උත්සවයකට සහභාගි වීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් කුඩා ට්‍රක් රථයක් සෝන් නදියේ පාලමකින් පෙරළීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අධික වේගය අනතුරට හේතුව බව වාර්තා වනවා.

සිදුවීම වාර්තා වීමත් සමඟ බලධාරීන් විසින් අදාළ අංශවල සහය ඇතිව මුදාගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයින් ට්‍රක් රථය තුළ සිරව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!