Gossip

රාත‍්‍රි සාදයට ගිය පෙම්වතාගේ මළ සිරුර පසුදා උදේ පෙම්වතියගේ මිදුලේ

දඹුල්ල,වෑවල,වැව් ඉහලයාය ප‍්‍රදේශයේ පැවති උපන් දින සාදයකින් පසු සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු දඹුල්ල පොලිසිය මගින් 10 දින අත්අඩංගුවට ගෙන ඇත. මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පිහිල්ලේ ගෙදර ජගත් වික‍්‍රමසිංහ යන අයයි.

මියගිය පුද්ගලයාගේ පෙම්වතියගේ නිවසේ මෙම සාදය 09 දින රාත‍්‍රියේ පවත්වා ඇති අතර සාදය අතරතුර කිසියම් ගැටුම්කාරී තත්වයක් පැවති ආකාරයක් දක්නට ඇති බව පොලිසිය කියයි. සාදයෙන් පසු මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව ගිය බව නිවැසියන් ප‍්‍රකාශ කර ඇතත් උදෑසන එම නිවසේ මිදුලේ තිබී මියගිය පුදගලයාගේ මළ සිරුර හමුවී තිබෙන අතර පසුව නිවෙස හිමියන් මේ පිලිබඳ පොලිසියට දනුම් දී තිබේ. නිවෙස් හිමියා හා මත්පැන් සාදයට සහභාගිවූ තවත් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

දඹුල්ල සරත් එරමිනිගම්මන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!