Gossip

පාසල් ගුරුවරියක් ඇතුළු සිව්දෙනකු ගංජා උරද්දී අල්ලාගෙන

ගල්කිස්ස, දුම්රිය පොල පාරේ කුලී නිවසක හිඳ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනකු ගංජා සහ හෂිෂ් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය පෙරේදා(10 වැනිදා) සමත් විය. අත්අඩංගුවට ගත් පිරිස අතර පෙර පාසල් ගුරුවරියකද සිටින බව එම අංශය කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බවද එම අංශය කීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ මොවුන් සන්තකයේ ගංජා ග‍්‍රෑම් 20 ක්ද, හෂීෂ් ග‍්‍රෑම් 25 ක්ද තිබී එම කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් හතලිස්දහසකට ආසන්න බවද එම කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් පිරිස මහනුවර,ගල්කිස්ස, අත්තිඩිය, මාලඹේ යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 40ත් අතර වයසේ පසුවන්නන් වේ.

අත්අඩංගුවට ගත් සියලූ‍දෙනා ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප‍්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ගුරුසිංහ(33704) ඇතුළු නිලධාරීහූ කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!