Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළි නයනතාරා වික්‍රමආරච්චි සිය ප්‍රේමය ගැන හඬ අවදි කරයි – Photos

දෙවැනි ඉනිමේ දෙව්මිගේ චරිතය හරහා රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය නයනතාරා වික්‍රමආරච්චි.
නයනතාරා දැන් අලුත්ම සිනමාපටයකටත් පණ පෙවා තිබෙනවා.
මේ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැනත් අලුත්ම තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු අයුරුයි.

එක දවසක අපි ඔබේ පළමු චිත්‍රපටය ළඟදීම තිරගත වෙනවා නේද?

ඔව්. මම ක්‌ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු එකහමාරකින් විතර තමයි මට චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ.

මේ මගේ රිලීස්‌ වෙන පළමු චිත්‍රපටය. මේ චරිතයත් මට ටිකක්‌ විශේෂයි. ආදරය, ආදරයත් එක්‌ක මේ සමාජයෙන් ඇතිවෙන ප්‍රශ්න පොදු ප්‍රශ්න මේ හැමදේම එක්‌ක ගැටෙන චරිතයක්‌. මං කැමතියි.

ප්‍රේක්‌ෂකයෝ චිත්‍රපටය නරඹලා ඒ ගැන අදහස්‌ කියනවා නං. ඇත්තටම එක දවසක අපි හොඳ ලස්‌සන කතාවක්‌ සහිත චිත්‍රපටයක්‌.

පුබුදු චතුරංග එක්‌ක ඔබ රංගනයේ යෙදුනේ?

ඔහු දක්‌ෂ රංගන ශිල්පියෙක්‌. ඒ වගේම අපිට වඩා ප්‍රවීණ කෙනෙක්‌. ඉතිං මට ලොකු උදව්වක්‌ ලැබුනා සහ ඔහු සමඟ වැඩ කරන්න හරිම පහසුයි. ඒක ලොකු උදව්වක්‌ වුණා ඒ නිර්මාණය තුල මගේ චරිතය ගොඩනගන්න. එන්න ඇවිත් එක දවසක අපි බලලා හොඳ නරක ඔක්‌කොම අදහස්‌ කියන්න කියලා ගොඩක්‌ ආදරෙන් මම ආරාධනා කරනවා මගේ ආදරණීය ප්‍රේක්‌ෂකයින්ට.

ඔබ රඟපෑ පළමු චිත්‍රපටය කුමක්‌ද?

මා කියන චිත්‍රපටයට තමයි මම ඉස්‌සෙල්ලම රංගනයෙන් දායක වුණේ. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්‌ෂවරයගේම තමයි ඒ චිත්‍රපටයත්.

ඔබ ජනප්‍රිය තාරකාවක්‌ වෙලත් රිදී තිරයට ආරාධනා ලැබුණේ පසුකාලීනව. ඇයි මේ?

මම හිතන්නේ මාව ප්‍රේක්‌ෂකයෝ අඳුර ගත්තේ සහ ක්‌ෂේත්‍රය මාව අඳුන ගත්තේ හැමදේම වුණේ දෙවැනි ඉනිම හරහා ගොඩක්‌ වෙලාවට.

ඒක පිළිගන්න ඕන මම. ඉතිං ඒකත්එක්‌ක තමයි මට චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙන්න ගත්තේ.

මං හිතන්නේ අධ්‍යක්‌ෂවරු පවා මාව අඳුන ගන්න දෙවැනි ඉනිමත් බලපෑවා.

නැත්නම් ඉතිං මාව එච්චර දන්නේ නෑනේ. ඒ නිසා මට කතා කරන්න බය වෙන්න ඇති.

මේ වෙද්දී ජනප්‍රියම නිළිය ඔබද?

ඒක නං මට කියන්න බෑ. ප්‍රේක්‌ෂකයින්ගේ ආදරය ලැබෙනවා.

දැනෙනවා. හැබැයි අපිට තව ගොඩක්‌ ජනප්‍රිය තාරකාවන් හුඟක්‌ ඉන්නවනේ.

දෙව්මි දැන් අනුහස්‌ට වැඩිය අවන්තට ආදරෙයිද?

අවන්තව හොඳ කෙනෙක්‌ කරන්න දෙව්මිට ලොකු උවමනාවක්‌ තියෙනවා වගේ.

මොකක්‌ද ඔච්චර තියෙන ඕනෑකම ඒ ගැන?

ඒකනේ….. අපි ඒක බලමු නේද ඉස්‌සරහට.

නයනතාරා පිළිබඳව රවීන්, කෙෂාන්, දේව් සුරේන්ද්‍ර මේ අය හා ගෙතුණු කට කතාවල ඇත්ත නැත්ත මොකක්‌ද? ඇත්තම පෙම්වතා මේ අයගෙන් කව්ද ඔබේ ජීවිතේ?

අනේ……. අපි ඔක්‌කොම හොඳ යාලුවෝ විතරයි. අපි සෙට්‌ එකේ හැමෝම එක පවුලක්‌ වගේ ඉන්නවා මිසක්‌ සෙට්‌ එකේ කා අතරවත් එවැනි සම්බන්ධතා නං නෑ.

මේ වෙද්දී ෂනුද්‍රි, දිනක්‌ෂි මේ අයට වැඩිය ඔබ ජනප්‍රියයි ද?

එහෙම කියන්න බෑ නේ. ඒ දෙන්නා ගොඩක්‌ හොඳයි.

එයාලට ආදරේ කරන ලොකු පිරිසක්‌ ඉන්නවා. මං හිහන්නේ ඒ ඒ අයට ආදරේ කරන වෙනම පිරිසක්‌ ඉන්නවා.

ඔබ ජනප්‍රිය ඔබේ ලස්‌සන නිසා මිසක්‌ දක්‌ෂතාවට නෙමෙයි කියලා සමහරු කියනවා නේද?

එහෙමම කියන්න බෑ නේද. අපිට ලස්‌සන විතරක්‌ තිබුණට මදි. මොකද නිර්මාණයකදී ප්‍රේක්‌ෂකයෝ බලාපොරොත්තුවෙන දේ අපිට දෙන්න බැරි වුණොත් අපිට එයාලගේ හිතේ තැන්පත් වෙන්න බෑ නේද….

මේ ලැබුණු ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න තරම් නිර්මාණ මේ වෙද්දී ඔබට ලැබිලා තියෙනවද?

මම ජනප්‍රියත්වය හෝ සම්මාන මතම වැඩකරන කෙනෙක්‌ නෙමෙයි. මට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. ගොඩක්‌ වෙලාවට ඉදිරියේදී චිත්‍රපටවලින් මාව දකින්න ලැබෙයි වැඩිපුර.

මෙගා ටෙලිවලට තිත තිබ්බද?

මම මෙගාටෙලි නාට්‍ය කිරීමෙන් ඈත්වෙලා ඉන්නේ.

දෙවැනි ඉනිමත් මෙගා ටෙලි නාට්‍යක්‌ නේද?

ඔව්… නමුත් මම ඒක කරනවා ආදරෙන්. ගොඩක්‌ ආසාවෙන් මම ඒක කරන්නේ. ඒ ඇරුණුකොට මම මෙගා ටෙලි නාට්‍ය කිරීමෙන් ඈත් වෙලා ඉන්නේ.

මොකක්‌ද එකට හේතුව?

ඒක මට ගැලපෙනවා මදි කියල හිතෙනවා. අනික කරගෙන යන්න අමාරුයි කියලා හිතෙනවා. දොඩම් ගොඩ බදා ගත්තා වගේ ඔක්‌කොම බදාගෙන කරන්නත් බෑනේ. දෙවැනි ඉනිම කළාම ඇති කියලා හිතුනා.

විවාහය කවදද?

තව මට ඕන තරම් වයස තියෙනවනේ. කව්රුත් මට ඒ ගැන හිතන්න කියලා කියන්නේ නෑ.

හැබැයි ඉතිං පෙම්වතියක්‌ නං වේවි නේද?

ඒ ගැනත් තාම හිතලා නෑ මම. ඊට වඩා ජීවිතේ සපුරාගත යුතු දේවල් තියෙනවා හැම පැත්තෙන්ම.

කව්රුන් හෝ කිව්වොත් මේ වෙද්දී ඔබ පෙම්වතියක්‌ කියලා?

බොරු

ඇයි එක පාරට රට යන්න හිතුවේ?

මට රංගනය පිළිබඳ හොඳින් ඉගෙනගන්න. ඒ පිළිබඳ උපාධියක්‌ කරන්න හරිම ආසයි. නමුත් අධ්‍යපනයට යොමුවෙන්න තවම කිසිම නිදහසක්‌ නෑ. මේ භාරගත්ත වැඩ ටික සමථයකට පත්වෙනකන් ඉඳල මම ඒ අරමුණට යන්න ඕන.

අවුරුදු කිහිපයකට විදෙස්‌ ගත වුණොත් කලාවෙන් දුරස්‌ වේවි නේද?

මට ඒ අතරතුර යන්න එන්න පුළුවන්. ඒ නිසා කලා කටයුතු කරගෙන යන්න පුළුවන් වේවි. මං හිතනවා මට ඒ කටයුතු ටික කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා.

මේ තියෙන ජනප්‍රියත්වය එතකොට අහිමි වෙයිද?

අහිමි වීමක්‌ වෙන්නේ නැතිවෙයි.

මේ අධ්‍යාපනය හමාරකරලා මොකක්‌ද කරන්න යන්නේ?

මට තනියම ගොඩනැඟෙනවාට වඩා රංගනය හදාරන්න පුළුවන් තැනක්‌ ගොඩනඟන්න පුළුවන් නං ගොඩක්‌ හොඳයි. දන්නේ නෑ ඉතිං. බලමු නේද… මම පොඩියි. ඉතිං කොහොමවෙයිද කියන්න බැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!