Gossip

රවීන් කියන්නේ ගැහැණු ළමයින් ගොඩක්‌ ආදරය කරන චරිතයක්‌නේ – අනිවාර්යයෙන්ම හිත ගැහුණා- දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ කිව්ව කතාව

ශලිනි ආදරය කරන්න හිතෙන ආදර ඇරයුම් ලැබෙන සමය නේද ඔබ ගෙවා දමනින් සිටින්නේ ?
ඒක සාමන්‍ය දෙයක්‌නේ. කාලයක්‌ කියලා දෙයක්‌ නැහැ. ඒක කෙනෙක්‌ දැක්‌කම ඇතිවෙන කැමැත්තක්‌ විතරයි. අපිට එක එක අය හමුවෙනවා. සමහර දේවල් අපි කැමැති විදිහට තියෙනවා. කෙනෙක්‌ දැක්‌කම අනේ මෙයා හරි හොදයි එහෙම හිතෙනවා විතරයි. ආදරය පාන්න පටන් ගත්තේ නැහැ.

චුටි මැණිකේ වුණාට පස්‌සේ ශලිනිට ලැබෙන ආදර ඇරයුම් කොතරම්ද?
මම මේ ක්‌ෂෙත්‍රයට ආවට පස්‌සේ ෆේස්‌බුක්‌ එකෙන් මම දැකලවත් නැති ලංකාවේ විතරක්‌ නෙවෙයි ලෝකේ හතර දෙසම ඉන්න අයගෙන් ආදර ඇරයුම් ලැබිලා තියෙනවා. මම ඒක වරදක්‌ විදිහට දකින්නේ නැහැ. ඒත් ඉතින් එයාල ආදරය කරන්නේ මට නෙවෙයි තිරයේ දකින චූටි මැණිකේ එහෙම නැතිනම් ලිහිණිටනේ. මම තවම ඉගෙන ගන්න ළමයෙක්‌ කියන එක ඉස්‌සරහට දාලා ආදර ඇරයුම් ප්‍රතික්‌ෂේප කරනවා.

ඇයි ශලිනිට ආදරය කරන්න තවම හිතිලා නැද්ද?
අපොයි අනන්තවත් හිතිලා තියෙනවා.

එහෙනම් දහසක්‌ ආදර ඇරයුම ඉවත දමන්නේ ?
එහෙම නැහැ. අපි සෙල්ලම් කරන වයසේ නෙමෙයි. තවම අවුරුදු 19 යි. තවම උසස්‌ පෙළවත් ලියලා නැහැ. ඒක ඉදිරි කාලෙදී හොදට හිතලා මතලා ගන්න ඕනෑ තීරණයක්‌ කියලයි හිතන්නේ. මගේ අම්මා වුණත් කියන්නේ ඔයා ආදරය කරන කෙනෙක්‌ නෙවෙයි ඔයාට ආදරය කරන කෙනෙක්‌ හොයාගන්න කියලා.

ශලිනි හිතන්නේ රසිකයන්ගෙන් ලැබෙන පෙම් ඇරයුම අසාර්ථක ආදර කතා වෙනවා කියලාද?
එහෙම පටන් ගන්න ආදර කතා තියෙනවා. නැතිව නෙවෙයි. ඒත් ඒක හැබෑම ආදරයක්‌ වෙන්න තියෙන අවස්‌ථාව සියයට එකක්‌ දෙකක්‌ විතරයි. අපි රගපාන චරිතවලටනේ එයාලා කැමතිවෙලා ආදරය කරන්නේ. මම කවුද කියලා එයාල හරියටම දන්නේ නැතිව තමයි ඒ ආදරය ප්‍රකාශ වෙන්නේ. ඉතින් දෙන්නෙක්‌ තම තමන් කවුද කියලා හරියට වටහා නොගෙන කරන ආදරය එතරම් සාර්ථක නැහැ කියලයි මම හිතන්නේ.

ශලිනි ආදරය කරන කෙනා තුළින් දකින්න කැමැති ගුණාංග මොනවාද ?
මම සල්ලි, ඉගෙනීම, දේපළ, ලස්‌සන ඇත්තටම බලන්නේ නැහැ. සල්ලි කියන දේ අද අපේ තියෙයි හෙට වෙන කෙනෙක්‌ අතේ තියෙයි. ආදරය කරන්න නම් හිතට දැනෙන කෙනෙක්‌ වෙන්න ඕනෑ. එහෙම කෙනෙක්‌ හමුවුණොත් සලකලා බලනවා.

ලිහිණි මේ දවස්‌වල අනුහස්‌ගේ ආදරයට සමීප වෙමින් ඉන්නවා නේද ?
ඒක අපි බලමු. මට දැනට දැනෙන විදිහට ලිහිණි කියන්නේ කාවවත් කපලා ඉදිරියට යන කෙනෙක්‌ නෙවෙයි. ලිහිණි කියන චරිතය අනුහස්‌ එක්‌ක වගේම සමල්කා එක්‌කත් එක සමානව බැදිලා ඉන්න කෙනෙක්‌.

තාරුණ්‍යයේ කල් ගෙවන ශලිනිට රගපාන්න වැඩිය පහසු පෙම්වතියගේ චරිතයද ?
අභියෝග භාරගන්න මම ආසයි. මට හොද චරිතයක්‌ ලැබුණොත් ඒක දුවද පෙම්වතියද පාසල් යුවතියද කියලා නැහැ. හොදයි කියලා හිතෙන චරිතයක්‌ නම් මම භාර ගන්නවා.

තිරයේ මුලින්ම පෙම්වතා වුණේ කවුද?
කවුරු ලැබෙයිද කියලා කියන්න බැහැ. මේ වෙද්දී මම රගපාලා තියෙන්නේ දෙවැනි ඉනිමේ විතරයිනේ. බලමු ඉදිරියේදී.

ඒ කියන්නේ රංගන දිවියේවත් තවම ශලිනිට ආදර අත්දැකීමක්‌ හිමිවෙලා නැහැ?
මට රංගන දිවියේ පළමු දර්ශනය රගපාන්න ලැබුණේ රවීන් එක්‌ක. මම දෙවෙනි ඉනිමේ රසිකාවියක්‌. මම හරිම වාසනාවන්තයි. ඒ වෙද්දී රවීන් කියන්නේ ගැහැණු ළමයින් ගොඩක්‌ ආදරය කරන චරිතයක්‌නේ. ඒ අවස්‌ථාවේ අනිවාර්යයෙන්ම හිත ගැහුණා. හැබැයි රවීන් මගේ සිහින කුමාරයා යන තැනින් ඉවත්වෙලා හොද යාළුවෙක්‌ විදිහට මට රවීන්ගෙන් හොද සහායක්‌ ලැබුණා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!