Gossip

රනිල් වගේ නිවුණු කෙනෙක්ට දේශපාලනය සුදුසු නෑ කියලා මට හිතුනේ – ඔහුත් එක්ක දේශපාලනය කරන්න කැමති නෑ – අයිරාංගනී සේරසිංහ කිව්ව අමුතු කතාව

ඊයේ දිනයේ සමාජජාල මාධ්‍යයන්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ අපේ අගමැතිතුමා ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග කළ නර්තනයක වීඩියෝවක් ගැනයි.

මේ සම්බන්ධයෙන් විවිධ කතා පළවුනත් ලංකාවේ පළවෙනි වතාව තමයි අගමැති කෙනෙක් නර්තනයක යෙදෙනවා දකින්නට පුළුවන් වුණේ.

කෙසේවෙතත් මේවගේ සිද්ධීන් අපේ රටටනම් අලුත් දෙයක් වුණාට වෙන රටවල්වලනම් එහෙම නෑ. අනික මෙය විවේචනය කරන්නට යුතු දෙයකුත් නෙවෙයි කියලයි ගොඩක් අයනම් අදහස් දක්වන්නේ.

කොහොමවුනත් මේ සිද්ධියෙන් පස්සේ ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග අගමැතිවරයා සමග ඇති නෑකමක් ගැනනම් ගොඩක් දෙනෙක් දැනගත්තා. ඉතින් මේ ගැන අයිරාංගනී සේරසිංහ මහත්මිය කියලා තිබුණේ මෙවන් කතාවක්.

නාලනීගේ පුතා වන රනිල් වික්‍රමසිංහ නෑකමින් ඔබේ බෑනා. අගමැතිට ඔබ නැන්දා?

“රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ…මයි ගෝඩ් කියලා කියවුණා. දේශපාලනය කියන්නේ දඩබ්බර අයට හොඳ දෙයක්. රනිල් වගේ නිවුන අයෙක්ට ඒක සුදුසු නෑ කියලා හිතුණේ. දේශපාලනයට ගිහින් කතාවක් කරගන්නේ කොහොමද කියලයි මට හිතුණේ. ඔහු අගමැති වූ විට මම පුදුම වුණා. රනිල්ට හොඳ මොළයක් තිබෙනවා. ඒ වගේම තමයි බලයටවත් දේපළවලටවත් ඔහුට කිසිම කෑදරකමක් නෑ. කාලයක් ඔහුට මිනිස්සු බනිනවා. ඔයා ‍පොත් කියවන්න, සිංදු අහන්න දේශපාලනය අත්හැරදාන්න කියලා මම රනිල්ට කිව්වා. ඔහුගේ උත්තරය වුණේ මම අභියෝගවලට කැමැතියි කියන එකයි. ඔහුත් එක්ක මම දේශපාලනය කරන්න කැමැති නෑ.”

-අයිරාංගණී සේරසිංහ-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!