Gossip

රත්නපුරේ සමලිංගික බොක්සිං පුහුණුකරු මහනුවරදී පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් අතර ජනප්‍රිය මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ බොහෝමයක් දිනා ඇති ක්‍රීඩාවක් ලෙස බොක්සිං ක්‍රීඩාව හැඳින්විය හැකියි. මේ නිසාම මෙරට බොහෝ යොවුන් ක්‍රීඩකයන් බොක්සිං ක්‍රීඩාව වෙත යොමුවෙන්නේ ඒ හරහා තම අනාගතය ගොඩනගා ගැනීමටයි. මෙලෙස ක්‍රීඩාවට සම්බන්ධ වන තරුණයන් බොහෝ ප්‍රශ්නවලට මුහුණපාන අවස්ථාද තිබෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම ක්‍රීඩකයන් වෙත කෙරෙන ලිංගික බලපෑම් ඒ අතුරින් ප්‍රධාන වනවා..පසුගියදා මෙවන් සිදුවීමක් මහනුවරදී වාර්තා වී තිබෙනවා. ඒ මහනුවර බලගොල්ල පොලිස් බල ප්‍රදේශයේයි.

හිටපු ජාතික බොක්සිං පුහුණුකරුවෙකු එලෙස තම මෝටර් රථය තුළදී තරුණයෙකු සමග අනාචාරයේ හැසිරෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස අවවාද කර පසු දින නිදහස් කළ බව වාර්තා වනවා.

කලක් ජාතික තලයේ බොක්සිං පුහුණුකරුවෙකු වූ මොහු රත්නපුර ප්‍රසිද්ධ පිරිමි විදුහලක බොක්සිං පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති අතර මොහුගේ මෙම අනිසි හැසිරීම් නිසා මොහු කලින් සේවය කළ ආයතනය ඔහුව සේවයෙන් ඉවත්කර ඇති බවද වාර්තා වනවා. ජාතික හා ජාත්‍යන්තර තලයේ බොක්සිං ක්‍රීඩාව වෙත යාමට තමන්ට උදව් කළ හැකි බවද එසේ ජාත්‍යන්තර තලයේ බොක්සිං ක්‍රීඩාව වෙත යාමට අවශ්‍ය නම් මොහුට ලිංගික අල්ලස් ලබා දිය යුතු බවට ක්‍රීඩකයන්ට බලපෑම් කර අවස්ථාද වාර්තා වනවා.

දැනට ⁣කල්පිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා තම සමලිංගික බලාපොරොත්තු ඉටු කර ගැනීමේ අරමුණින් ජාතික පුහුණුකරුවකු වීමට උත්සාහ කරන බවටත් එසේ ජාතික පුහුණුකරුවකු ⁣වුවහොත් යොවුන් ක්‍රීඩකයන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවටත් ක්‍රීඩකයින් චෝදනා කරනවා. මෙවැනි පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට ක්‍රීඩකයන් බිල්ලට ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද ?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!