Gossip

රත්නපුරේ පවුලකට ගංවතුර ආධාර විදියට රුපියල් 80ක චෙක් එකක් එවලා

පසුගිය කාලයේ ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වුණා.

මේ නිසා බොහෝ දෙනෙක්ට තමන් ජීවත් වූ නිවෙස් පවා නැතිවුණා.

මේ නිසා රජයෙන් හෝ තමන්ට සහනයක් ඉටු වෙතැයි ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියා.

කෙසේවෙතත් 2017 වර්ෂයේ මැයි මස ඇතිවූ ගංවතුරින් රත්නපුර ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම ආරම්භ කර තිබෙනවා.

නමුත් එවැනි පවුලකට රජයෙන් දුන්නු අපූරු වන්දියක් ගැන කියැවෙන චෙක්පතක් සමාජාජාල මාධ්‍යයන්වල හුවමාරු වෙන්න පටන් අරන් තියෙනවා.

එනම් වන්දි මුදල ලෙස එම චෙක්පතේ දක්වා ඇත්තේ රුපියල් 80ක මුදලක් නිසායි.

කෙසේවෙතත් මෙම චෙක්පත ලැබී ඇති අය නැවත රත්නපුර ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත ලිපියක් යොමු කරමින් කියා තිබුනේ තමන් හට සිදුවූ හානිය රුපියල් 80 ට වඩා විශාල බවයි. ඒ නිසා නැවත මේ ගැන සළකා බලා වැඩිපුර වන්දි මුදලක් ලබාදෙන ලෙසත් එම ලිපිය මගින් කියා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!