Gossip

රට වටේටම ගිය පෑලියගොඩ කොරෝනා පොකුරේ සියළු තොරතුරු මෙන්න

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ආරම්භ වූ කොරෝනා පොකුර ඊයේ (25 වැනිදා) වන විට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරද අභිබවා යමින් ශීඝ‍්‍රයෙන් රට පුරා පැතිර යන තත්ත්වයක් නිර්මාණය වී තිබිණී.
මේ වන විට ඇතිවී තිබෙන වාතාවරණය තුළ කොරෝනා රෝගය ශී‍්‍ර ලංකාවේ සමාජය අතරට පැතිර යමින් සමාජගත වීමේ අබියසටම පැමිණ ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඊයේ සඳහන් කළේය.
පැවති අවදානම්කාරී තත්ත්වය එසේ වෙද්දී රටේ ප‍්‍රදේශ රැුසකින් මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙන්දන් සහ ධීවර ක්‍ෂේත‍්‍රයේ රැුකියාවල නිරතව සිටි පුද්ගලයන් විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයිද ඊයේ වාර්තා විය.
මෙමගින් කොළඹ නගරයටද දැඩි බලපෑමක් එල්ල වී තිබුණු අතර මේ වන විට කොළඹ නගරය හා ඒ ආශි‍්‍රත ස්ථානවලින් කොරෝනා ආසාදිතයන් හත්සියයකටත් අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි කොළඹ මහ නගර සභා සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. කොරෝනා වෛරසයේ වත්මන් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් කොවිඞ් 19 මර්දනය කිරීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (25 වැනිදා) උදෑසන මාධ්‍යයට සඳහන් කළේ පෙරේදා (24 වැනිදා) දිනයේ පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයන් 368 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් දෙනා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ සහ ඒ ආශි‍්‍රත පුද්ගලයන් බවය.
මෙම ආසාදිතයන්ගෙන් 232 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයන් වන අතර කොළඹ ඇතුළුව රට පුරා ප‍්‍රදේශ රැුසකින් එම ආසාදිතයන් වාර්තා වී තිබිණි.
ඒ අනුව ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලූපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06 ක් ලෙස එසේ රෝගීහු වාර්තා වූහ.
ධීවර වරායන් ආශ‍්‍රිතව ආසාදිතයන් 24ක් හඳුනාගෙන තිබුණු අතර එය රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත‍්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලූමැන්ඩල් 01 ලෙස සඳහන් විය.
මෝදර 06ක්, බොරැුල්ල 03, ග‍්‍රෑන්ඞ්පාස් 04ක්, කිරුළපන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග‍්‍රෑන්ඞ්පාස් 02, කොළඹින් රෝගීන් වාර්තා වී තිබිණී.
ගම්පහින් වාර්තා වූ රෝගීන් ගණේමුල්ල 08,
පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පූගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02 ලෙසින් සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මතුගමින් 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක් ආකාරයෙන් කළුතරින් රෝගීන් වාර්තා වී තිබුණු අතර කුරුණෑගලින් වාර්තා වූ අට දෙනා කුලියාපිටිය 03ක්, දුම්මලසූරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක් ලෙස සඳහන් විය.
මාතර ප‍්‍රදේශයෙන්ද මේ අන්දමට රෝගීන් දෙදෙනකු වාර්තා විය.
ඊයේ (25 දා) රාත‍්‍රි 10.00 වන විට නිකුත් කළ වාර්තා අනුව කොරෝනා ආසාදිත වූ තවත් 348 දෙනකු සොයාගෙන තිබිනි. මේ අතරින් ආසාදිතයෝ 312 ක් ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ‍්‍රිතයන්ය.
නිරෝධායනයට යොමුකර සිටි පුද්ගලයන් අතරින් 36 දෙනකුත් ආශි‍්‍රතයන් 227 දෙනකුත් එසේ අලූතින් හඳුනා ගැනුණු බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබීය.
මෙම තත්ත්වයත් සමග අධික ජනගහනය පිළිබඳ සලකා බලා ඊයේ පස්වරු 6.00 සිට කොළඹ කොටුව, පිටකොටුව, වැලිකඩ සහ බොරැුල්ල යන පොලිස් බල ප‍්‍රදේශවලටද නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් අද (26 වැනිදා) පෙරවරු 5.00 සිට බේරුවල, අලූත්ගම සහ පයාගල ප‍්‍රදේශවලට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව ඊයේ දහවල් සඳහන් කෙරුණද සවස් වන විට එම තීරණය වෙනස් කිරීමටද බලධාරීහු කටයුතු කළහ.
ඒ අනුව පොලිස් කොට්ඨාස 64 ක් පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු කි‍්‍රයාත්මක වන අතර අද (26 වැනිදා) ගම්පහ දිස්ති‍්‍රක්කය ඇතුළු ඇඳිරි නීතිය පනවා ඇති අනෙකුත් ප‍්‍රදේශවල ජනතාවගේ පහසුව පිණිස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වැනි දේ ලබා ගැනීමට වෙළෙඳසල් හා බැංකු ආදිය විවෘත කිරීමට අවසර ලබාදීමටද පියවර ගැනීමට රජය කටයුතු කළේය.
ඇඳිරි නීතිය පැවතියද ඒ අනුව පෙරවරු 8.00 සිට රාතී‍්‍ර 10.00 දක්වා අදාළ වෙළෙඳ සල් විවෘත කිරීමට අවසර ඇත.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන විත් යතුරුපැදිවලින් ගොස් අලෙවි කරනු ලැබූ මාළු වෙළෙන්දන් හත් දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ගම්පහ දිස්ති‍්‍රක් සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති සහ ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමින්ද සමරදිවාකර මහතා ඊයේ (25 වැනිදා) පැවසීය.
එම ආසාදිතයන් හත්දෙනා වැලිවේරිය, බැලූම්මහර, අමුණුගොඩ සහ පහළයාගොඩ ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට පෙර මාළු මිලදී ගැනීම සඳහා එහි ගිය ආශි‍්‍රතයන් 200 දෙනකුගේ පමණ පී. සී. ආර්. පරීක්‍ෂණ මේ වන විට සිදු කිරීමටද ගම්පහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති අතර තවත් පිරිසකගේ පී. සී. ආර්. පරීක්‍ෂණ ඊයේ සිදු කරනු ලැබීය.
එසේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කළ හා සිදු කිරීමට නියමිත ආශ්‍රිතයන් ගම්පහ නගරය, වැලිවේරිය, බොල්ලත, පරකන්දෙණිය, අමුණුගොඩ, ගනේමුල්ල, ඉඹුල්ගොඩ, මුදුන්ගොඩ, බැලූම්මහර, බැන්ඩියමුල්ල, යක්කල, අලූත්ගම, බෝගමුව, මොරැන්න, මාකවිට සහ කරනායකමුල්ල යන ප‍්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ඇරඹි කොරෝනා රැල්ල හමුවේ දඹුල්ල නගර මධ්‍යයෙහි තිබෙන මාළු වෙළෙඳ පොළ ඊයේ (25 වැනිදා) සිට තාවකාලිකව වසා දැමීමට මාතලේ දිස්ත්‍රික්ක වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් මත දඹුල්ල මහ නගර සභාව පියවර ගෙන තිබිණි.
පෑලියගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචි සැපයුම්කරුවකු දඹුල්ල මාළු වෙළෙඳ පොළට මාළු සපයා ඇති බව අනාවරණය වීම සහ දඹුල්ල මාළු වෙළෙඳ පොළට මාළු රැගෙන එන ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ කිහිප දෙනකුට කොරෝනා ආසාදිත බව හෙළිවීම හමුවේ මෙම පියවර ගෙන ඇත.
මාළු වෙළෙඳ පොළ වසා දැමීමෙන් පසු පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා එහි සිටි සියලූම ව්‍යාපාරිකයන්ගේ සහ සේවකයන්ගේ ජෛව සාම්පල ලබා ගැනීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
මේ වන විට අම්පාර දිස්ති‍්‍රක්කය තුළින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන දොළොස් දෙනකු වන අතර ඒ අතරින් නව දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ආසාදිතයන් බවට පත් වූවන් යැයිද අනාවරණය වී ඇත.
ඒ අතරින් පස්දෙනකු වාර්තා වී ඇත්තේ පොතුවිල් ප‍්‍රදේශයෙනි. සෙසු සිව්දෙනා අතරින් තිදෙනකු කල්මුණේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා මරඳමුන ප‍්‍රදේශයේ අයකු බව සෞඛ්‍ය අංශ හෙළිකරගෙන ඇත.
පොතුවිල් ප‍්‍රදේශයෙන් වාර්තා වූ පස් දෙනාම පොතුවිල් සිට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට මාළු රැගෙන යන පුද්ගලයන් බව ලාහුගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සඳහන් කළේය.
මෙම පස් දෙනා අතරින් තිදෙනකු පොතුවිල් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා පොතුවිල් වැටයවෙල සහ කෝමාරි ප‍්‍රදේශයේ අය බවද හෙළිවී ඇත.
මොවුන්ගේ ආශි‍්‍රතයන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර පවතින තත්ත්වය තුළ පානම ප‍්‍රදේශයේ මාළු වෙළෙඳාමේ යෙදුණු පුද්ගලයන් දස දෙනකුටද පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ගොස් හැටන් නගරයේ අලෙවි කළ පුද්ගලයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත.
මේ හේතුවෙන් හැටන් නගරයේ ඇති මහජන වෙළෙඳ පොළ වසා දැමීමට ඊයේ සිට හුදකලා කර වසා දැමීමට කටයුතු කර ඇති අතර ආසාදිත පුද්ගලයාගේ පවුලේ අය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සමග සබඳතා පැවැත්වූ හලාවත ප‍්‍රදේශයේ පුද්ගලයන් පස් දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සියලූ දෙනා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර සිද්ධියත් සමග ඊයේ (25 වැනිදා) හලාවත මාළු වෙළෙඳ පොළ ආශ්‍රිත පුද්ගලයන් 36 දෙනකුගේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමටද කටයුතු කර ඇත.
බුලත්කොහුපිටිය, පහළ නෙව්ස්මියර් ප‍්‍රදේශයේ ජංගම මාළු වෙළෙන්දකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ ඊයේ සඳහන් කළේය.
කෑගල්ල නගරයේ වෙළෙඳුන් පිරිසක් සමග එක්ව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැුගෙන විත් යතුරුපැදියකින් ප‍්‍රදේශය පුරා අලෙවි කරන්නකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඇති වූ කොරෝනා සිද්ධියත් සමග මොහු ස්වෙච්ඡුාවෙන් ගොස් කරවනැල්ල රෝහලෙන් සිදුකර ගත් පී. සී. ආර්. පරීක්‍ෂණයකින් වෛරසය ආසාදිත බව අනාවරණය වී ඇත.
මත්ස්‍ය ව්‍යාපාරිකයකුගේ ලොරි රථයකින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණ මාළු රැගෙන ගිය බගවන්තලාව ප‍්‍රදේශයේ රියැදුරකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.
සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයකින් අනතුරුව මේ බව හෙළිවී ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ආශි‍්‍රතයන් නිරෝධායනයට යොමු කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මාළු මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණ ගිය රිකිල්ලගස්කඩ මූලික රෝහලේ අංක 01 සහ 06 වාට්ටු භාර විශේෂඥ වෛද්‍යවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් එම රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ පිරිස් රෝහල අභ්‍යන්තරයේම ඇති නිල නිවාස තුළ නිරෝධායනයට ලක් කර පී. සී. ආර්. සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මාතර ප‍්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්‍ෂණයක් සිදු කරගනු ලැබූ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන තරුණයකුටද කොරෝනා වෛරසය ආසාදිත බව අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් ඔහුගේ පවුලේ අය ඇතුළු ආශි‍්‍රතයන් අසූවක් පමණ නිවෙස් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජගත් පුෂ්පසිරි මහතා පැවසීය.
මේ අතර මීගමුව නගරයේ සහ මීගමුව ධීවර
ගම්මානවල පුද්ගලයන් 36 දෙනකුට ඊයේ (25 වැනිදා) වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීගමුව නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යූ. වී. ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
මෙම ආසාදිතයන් පිරිස මීගමුව පිටිපන, මුන්නක්කරය ආදී ධීවර ගම්මානවලින් සහ මීගමුව නගර මධ්‍යයෙහි පිහිටි රාජපක්‍ෂ පළල් පාර යන ප‍්‍රදේශවලින් හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සබඳතා පවත්වන මීගමුව පිටිපන පිහිටි ප‍්‍රධාන මත්ස්‍ය තොග අලෙවි මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් ඇතුළු සමීපතමයන් 320 දෙනකුට පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කටයුතු කර ඇත.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු ගෙන එන බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මාළු වෙළෙඳුන් 24 දෙනකුටද කොරෝනා ආසාදිත බවට අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වයත් සමග පෑලියගොඩින් මාළු මිලදී ගෙන අලෙවි කළ ජංගම වෙළෙඳුන් සහ මාළු මිලදී ගත් පුද්ගලයන් 102 දෙනකුට පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ‍්‍රිතයන් 824 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද කටයුතු කර ඇත. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙන් මාළු මිලදී ගැනීමට ගිය සපුගස්කන්ද බටලන්ද යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරියකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් පෙරේරා මහතා පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන ගම්පොළ පාරදෙක, චප්ලි ජනපදයේ පුද්ගලයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව ඔහු ප‍්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත යැවීමට කටයුතු කළ බව උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ගැමුණු විජේසිංහ මහතා පැවසීය.
39 හැවිරිදි ඔහුගේ පවුලේ සාමාජිකයන් පස්දෙනකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මේ වන විට ගම්පොළ ප‍්‍රදේශයේ තවත් සරසවි ශිෂ්‍යාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙන අතර ඒ අනුව ගම්පොළ ප‍්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 12 දක්වා ඉහළ ගියේය.
මේ අතර මතුගම ප‍්‍රදේශයේ පුද්ගලයන් 45 දෙනකුට ඊයේ (25 වැනිදා) දහවල් වන විට කොරෝනා වෛරසය ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලයනල් ගමඇතිගේ මහතා පැවසීය. මේ අතරින් පුද්ගලයන් සිව්දෙනකු දැනට හුදකලා කර ඇති ගම්මානවලින් පිටත අය බවත් ඔවුන් ලෙව්වන්¥ව, වලගෙදර, යටදොළ සහ ඉද්දගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම දැනට මතුගම ප‍්‍රදේශයේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මානවල පුද්ගලයන් 6555 දෙනකු හුදකලා කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර මෙරට පහළොස්වැනි කොරෝනා මරණයද පෙරේදා (24 වැනිදා) කුලියාපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය.
කුලියාපිටිය, කිතලව උණලීය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ප‍්‍රසිද්ධ සමාජ සේවකයකු ලෙසින් කැපී පෙනෙන සේවාවක් ප‍්‍රදේශයට කරමින් සිටි ආර්. එම්. ජයතිස්ස නමැති දෙදරු පියෙක් එසේ මරණයට පත්විය. හෘදයාබාධ තත්ත්වයක් හමුවේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටියදී මීට පෙර කොරෝනා ආසාදිතව මියගිය කුලියාපිටිය ප‍්‍රදේශයේ කාන්තාව අසාද්‍ය තත්ත්වයෙන් එම දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබිණි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශි‍්‍රතයකු ලෙස හඳුනාගෙන රත්තොට කිරිමැටිය ප‍්‍රදේශයේ පුද්ගලයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා ඔහු ආගිය රත්තොට නගරයේ වෙළෙඳ සල් පහක් වසා දැමීමට ඊයේ කටයුතු කළ බව රත්තොට ප‍්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිපි‍්‍රය මහතා පැවසීය.
එම පුද්ගලයාගේ ආශි‍්‍රතයන් නිරෝධයනය කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන ගාල්ල උඩුගම ප‍්‍රදේශයේ පුද්ගලයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මෙම තත්ත්වයත් සමග ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා සහ සහෝදරයකු මෙන්ම කොණ්ඩය කැපූ කරණවෑමියා ඇතුළු පිරිසක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!