Gossip

රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි, පොලිස්පතිගේ උපදෙස් මත තවත් කණ්ඩායමක් දිගනට – අලුත්ම තත්ත්වය මෙන්න

දින 10 ක කාලයක් රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව එස්.බී. දිසානායක අමාත්‍යවරයා පවසනවා.
අද උදෑසන පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගත් බවයි එස්.බී.දිසානායක මහතා සඳහන් කරන්නේ.
තවද මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇදිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
එම ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායද යොදාව ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද පොලිස්පතිවරයාාගේ උපදෙස් මත දිගන ප්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා.
ජාතිය ආරක්ෂණ මණ්ඩල රැස්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති අතර නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!