Gossip

රට පුරාම අද වෙන්න යන දේ මෙන්න, බස්නාහිරට වැඩි බලපෑමක්

අදත් දිවයිනේ බෙහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරුමැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට වැසි ඇති විය හැක.

විශේෂයෙන් බස්නාහිර, දකුණ සහ සබරගමුව යන පළාත්වලට වැසි ඇතිවන අවස්ථාවලදී තඳ සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය.

මේ අතර බස්නාහිර සහ දකුණු දෙසින් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 70ත් 80ත් අතර තඳ සුළං තත්ත්වයක් ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

සෙසු මුහුදු ප්‍රදේශවලට ද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එබැවින් නාවික කටයුතු වලදී සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත් දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුණාටු තත්ත්වය තවදුරටත් දිවයිනෙන් බැහැරව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එම සුළි කුණාටුව මේ වන විට කොළඹ සිට කිලෝමිටර් 600ක් පමණ දුරින් පවතින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!