Gossip

රටේම කතාබහට ලක්වූ නීතීඥවරියට අවවාද කර මුදා හරියි – සුගන්ධිකා ප්‍රනාන්දු විත්ති කූඩුවට නැග වරද පිළිගනියි

අධික වේගයෙන් රිය පැදවීමේ සිදුවීමකට අදාළව වරද පිළිගත් නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු හට අවවාද කර මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලීසිය විසින් ඇයට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර තිබෙනවා.

නීතිවේදියෙකුගේ සහායක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විසින් අධිකරණය හා නීති වෘත්තිය පිළිබඳ කරන ලද හෙළිදරව්වක් පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල විශාල කතා බහක් ඇතිවීමත් සමග ඇය ගැන වැඩියෙන් කතාබහට ලක්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!