Gossip

රංගන ශිල්පී චරිත් අබේසිංහ හෘදයාබාදයක් වැළඳී රෝහලට

මේ දිනවල ජනප්‍රියම රියලැටි තරඟයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ.

ඉතින් මේ තරඟයට ඉදිරිපත් වන තරඟකරුවෙක්ට ඉතා අනපේක්ෂිත සිදුවීමක් සිදුවෙලා තියෙනවා.

මේ තරඟය පුරා කැපී පෙනෙන කෙනෙක් වන චරිත් අබේසිංහ පෙර පුහුණුවීම්වල නිරතවෙලා සිටියදී හදිසියේ රෝගී වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ චරිත් අබේසිංහට හෘදයාබාදයක් වැළඳී ඇති බවයි.

නර්තන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක් ලෙස කාගෙත් ආදරය දිනාගත්ත චරිත් ට මේ වෙද්දි ප්‍රතිකාර කරන්න ආරම්භ කරලා තියෙනවා කියලා තමයි ඔහුගේ බිරිඳ හංසි මාධ්‍යයට ප්‍රකාශ කළේ.

මේ ඔහු Star City වේදිකාව වර්ණවත් කළ අවස්ථාවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!