Gossip

රටම හඬවමින් කාලගුණය තවත් ජීවිත උදුරාගනී – අලුත්ම තත්ත්වය මෙන්න

දිවයිනේ බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 09 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර දිස්ත්‍රික්ක 15කට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කළා.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවත් පුද්ගලයින් 38,040 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැලණි ගඟ, කළුගඟ, ගිංගඟ, නිල්වලා ගඟ සහ මහවැලි ගඟ පිටාර ගැලීම පටන්ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව මහඔය සහ අත්තනගළුඔය ද පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක 08කට නිකුත් කර ඇති නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි.

අද(22) පස්වරු 5.00 දක්වා මෙම අනතුරු ඇගවීම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා.

කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අදාළ දිස්ත්‍රික්කවල නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටිම්, පොළව ගිලා බැසීම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා.

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!