Gossip

රටම කැළඹූ තෙඹුවන පොලිස් සැරයන් ආයෙමත් කරපු දේ

තෙඹුවන පොලිස් සැරයන් ගැන දැන් ආයෙමත් කරළියට පැමිණ තිබෙනවා.

උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව තෙඹුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ තෙඹුවන පොලිසියේ වැලි ලොරියක් සම්බන්ධයෙන් සිදුවූ සිද්ධියේදී තම මානව හිමිකම් කඩවූ බව පවසමින්.

තෙඹුවන ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව වැලි ටිපර් රථයක් තමන් විසින් අත්අඩංගුවට ගෙන නීතිය කටයුතු කිරීම සඳහා තෙඹුවන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු උසස් නිලධාරීන් අධිකරණ කටයුතු සිදු නොකර එම සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තමන් වැරදිකරු කරමින් කෲර ලෙස සැළකීමත් මානසික පීඩාවට පත්වන ලෙස කටයුතු කිරිමටත් එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!