Gossip News

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 4දෙනෙකුට කොරෝනා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ අනුව පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ නිවෙස්වල හිඳිමින් නිරෝධායනයේ නිරතවන ලෙස දැනුම් දීමක් කර ඇතැයි වාර්තාවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාර්යාල කාර්ය සහායකවරයකුට වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු විය.

ඔහු ඔක්තෝබර් 16 දා පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති අතර මාළු වෙළෙඳ සංකීර්ණයට ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබුනද ඔහු තම ගමන පිලිබඳ තොරතුරු සඟවා කාර්යාලයේ එක් අංශයක රාත්‍රිය ගතකර ඇත.

ඒ අනුව ඔහු ඇසුරු කල ආශ්‍රිතයින් වූ රියදුරන් හා කාර්ය මණ්ඩල සහයකයින් ද මේ වනවිට අමාත්‍යංශය තුලම නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් ‘මාක්ස්’ පවා පලදින්නේ නැහැ.ආයතනයේ පිරිසිදු කිරීම් කටයුතු කරන පුද්ගලයින් බොහෝමයක් පදිංචිවෙලා ඉන්නේ කොවිඩ් අනතුරක් පවතින කොළඹ තදාසන්න ප්‍රදේශවල. අපේ ආයතනයේ බලධාරීන් මේ ගැන කිසිම සැලකිල්ලක් ගත්තේ නැහැ. දැන් සඳුදා වැඩට එන්නත් කියලා දැනුම්දීලා තියනවා.”යැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!