Gossip

රඟපෑවේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව කිව්වොත් තමයි හරි’ – පැතුම් රුක්ෂාන්

සැලොන් කිරිල්ලත් රඟපෑමත් මගේ හිතේ එදා ඉඳලම තිබුණ සිහින දෙකක්..

සැබෑ ජීවිතයේ ඔබේ නමින්ම චරිතයකට පෙනී සිටින්නට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?
මගේ නමම යෙදීම ගැන සතුටුයි’ ඒත් ඉතින් නාට්‍යයේ පැතුම් ගොඩක් බැනුම් අහන චරිතයක්’ මගේ නමට වැඩි වාර ගණනක් බැනුම් අහන්න සිදුවීමත් වෙනස්ම අත්දැකීමක්’ විලන් කෙනෙකුට රඟපාන්න ලැබීම තමයි ඒකෙ තියෙන අවාසිය’ හැබැයි ඉතින් රංගන ශිල්පියෙක් විදියට හැම චරිතයක්ම කරන්න ඕන නිසා මම කැමැතියි ඒකට’ හැමදාම වගේ කරන පෙම්වතාගේ චරිතෙන් මිදෙන්න මේක හොඳ අවස්ථාවක් වුණා

ව්‍යාපාරික ලෝකය ජය ගත්තු නිසා දැන් රංගනයට දක්වන්නෙ අඩු සැලකිල්ලක් කිව්වොත්?
එහෙම දෙයක් නෑ’ මම ක්‍ෂේත්‍රය තුළ ලොකුවට පේන්න හිටපු කෙනෙක් නෙමෙයි’ ඒ වගේම නිර්මාණ අතරේ නොසිටිය කෙනෙකුත් නෙමෙයි’ රඟපෑවේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව කිව්වොත් තමයි හරි’ අවංකවම මේ දවස්වල නම් මගේ සැලොන් එකේ වැඩවලට වැඩි කාලයක් දෙනව නොකිව්වොත් ඒක බොරුවක්’ මොකද ඒක තාම ස්ටාට් කරපු ගමන්නෙ’ එය දියුණු කර ගැනීම තමයි මගේ ටාගට් එක

සැලොන් එකේ විස්තර ටිකකුත් කියමුද?
මගේ නම කෙටි කරලා සැලොන් එකට නම දැම්මා. මේක පැලවත්තෙ පවත්වා ගෙන යන්නෙ’ සාමාන්‍ය සැලොන් එකකින් වෙන සේවයට වඩා වැඩි දෙයක් එන පාරිභෝගිකයාට දෙන්න තමයි මම නිතරම උත්සාහ කරන්නෙ’ ඒකටම හරි ගිය හොඳ ස්ටාෆ් එකකුත් මට ඉන්නවා’ ඒ නිසා ඉතින් දෙයියනේ කියලා කරගෙන යනවා හොඳින්ම

ෂූටින් ගිහින් කට්ට කනවට වඩා කුල් එකේ ඉඳගෙන හම්බ කරගෙන ජීවත් වෙනවා කියන තැන නේද දැන් පැතුම් ඉන්නෙ
සැලොන් කිරිල්ලත් රඟපෑමත් මගේ හිතේ එදා ඉඳලම තිබුණ සිහින දෙකක්’ ෆීල්ඞ් එකට එන්න කලිනුයි මම හෙයා ඩෙ‍්‍රසර් කෙනෙක් විදියට වැඩ කළේ’ අධ්‍යාපන කටයුතු අවසන් වීමත් සමගම තමයි මම සැලොන් කතන්දරේට එන්නෙ’ එතනින් නිරූපණ ක්‍ෂේත්‍රයටත් ඒ හරහා රංගන ශිල්පියෙක් ලෙසත් ඉදිරියට ආවා’ දැන් තමයි සැලොන් එකක් ආරම්භ කරල ඒ සිහිනය සැබෑ කර ගන්න අවස්ථාව උදා වුණේ’ ෂූටින් ජීවිතේ කට්ටක් වුණේ නෑ කවදාවත් ඒක කාලම බලන්න ඕන ඒ රස විඳගන්න

ඉදිරියේදී මෙහි ශාඛා ඇරඹීමත් සමඟ ඔබට ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න වෙයිද?
මෙතන දියුණු කර ගත්තට පස්සෙ කුරුණෑගල හරි නුවර හරි ශාඛාවක් ආරම්භ කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා’ මගේ ජීවිතේ ලස්සන කර ගන්න මට මේ දෙකට ඕන නිසා බැලන්ස් එකේ කරගෙන යනවා

මේ හරහා ඔබට ආදරය කරන රසික රසිකාවියන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා නේද?
එහෙම වෙන්නෙ නෑ සහ එහෙම වෙන්න බෑ’ මැල්සිරිපුර ඉඳන් කොළඹට ඇවිත් මේ තැනට එන්න මම ගොඩක් කැපවුණා’ ඒ කැපවීමේ ප්‍රතිඵල හැටියට තමයි මට ගොඩ දෙනෙක් ආදය කරන්නෙ’ මම ඔවුන් සමඟ හැමදාමත් එදා වගේම ඉන්නවා

සෝෂල් මීඩියා අද දවසේ ජනප්‍රිය උදවියට වදයක් වෙලා නේද?
සෝෂල් මීඩියා තියෙන්න ඕන’ අපේ ජීවිතවලට එකතු කර ගන්නා හරවත් දේවල් එහි තියෙනවා’ ඒ වගේම නරක දේවලූත් ඒ තුළ නැතුවම නෙමෙයි’ අපි තෝරා බේරා ගෙන හරි දේ ගත යුතුයි

පැතුම්ටත් එහි බලපෑම් තිබුණ නේද?
මට බලපෑම් කරන්න කට්ටිය හිතන්න ඇති’ ඒත් මම ඔය කියන කිසිම බලපෑමකට යටත් නැති චරිතයක්’ කවුරු මොනවා කිව්වත් මම ඒ කිසිදෙයක් අදාළ කර ගන්නෙ නෑ’ මොකද මට කවුරුත් කන්න බොන්න අඳින්න දෙන්නෙ නෑනෙ’ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්’ හැබැයි ඔය කාගෙවත් චරිත සහතික අදාළ කර ගන්න කෙනෙක් නෙමෙයි පැතුම් රුක්ෂාන් කියන්නෙ

දැන් ආරාධනාවක් ලැබුණම ටිකක් ගණන් උස්සනවලූ නේද?
අපි එහෙම නොකළොත් තමයි ඒක වැරදි’ කවුරු කළත් ඒකෙ කිසිම වැරැද්දක් මම දකින්නෙ නෑ’ මම එදා හිටපු තැනමයි අදත් ඉන්නෙ කියලා කවුරු හරි දකිනවා නම් මගේ පැත්තෙන් මම ලයිෆ් එක ෆේල් වෙලා’ මම එතනම ඉන්න ඕන කියලා කවුරු හරි කියනවා නම් ඒක ඒ පුද්ගලයාගෙ වැරැද්දක්

මේ දවස්වල හොරෙන් හොරෙන් නටන්න පුරුදු වෙනවා කියන්නෙ ඇත්තද?
අයියෝ නෑ’ පැතුම් කියන්නෙ හැමදාමත් එළිපිට නටන කොල්ලෙක්නෙ’ මේ දවස්වල සුපර් ඩාන්ස් වැඩසටහනේ මට පුංචි දරුවෙක් එක්ක නටන්න අවස්ථාව ලැබුනා.

දැන් පුංචි ළමයි එක්ක නැටිල්ල නවත්තලා පෙළවහක් කරගන්න ඕනෙ කියල හිතන්නෙ නැද්ද?
හිතනවා’ ඒත් ඒකට තව පොඩි කාලයක් ඉන්න වෙනවා

පොඩි කාලයක් ඉන්නවා කියන්නෙ දැන් ඒ වැඩ කටයුතු සූදානම් කියන එක නේද?
බලමුකො ඉතින්’ හරි කාලෙදි ඒවා සිද්ධ වෙයි’ එදාට හැමදේම විස්තර ඇතුව කියන්නම්’

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!