Gossip

රංගජීව උසාවි ගේනකොට පාතාලේ හොල්ලපු මධූෂ්ගේ ගෝලයෙක් ඔත්තු බලලා

රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශ ප්‍රධානී නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස්‌ එමිල් රංජන් පසුගියදා අධිකරණයට රැගෙන එන අවස්‌ථාවේ කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු අධිකරණ භූමියේ සැරිසරන ආකාරය පොලිසිය නිරීක්‍ෂණය කර තිබෙනවා.

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීප සගයකු වන මෙම කුඩු ජාවාරම්කරු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇතැයි ද පොලිස්‌ බුද්ධි අංශ සඳහන් කරනවා.

රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස්‌වරයා ඉකුත් 10 වැනිදා (අඟහරුවාදා) අධිකරණයට ඉදිරිපත් කර යළි බන්ධනාගාරයට රැගෙන යැමට ගෙන එන අවස්‌ථාවේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ ගෙන තිබෙන අතර එහිදී අදාළ පාතාල සාමාජිකයා එම ස්‌ථානයේ ගැවසෙමින් සියල්ල නිරීක්‍ෂණය කරනු පොලිසිය දැක ඇති බව සඳහන්.

මේ අවස්‌ථාවේ පොලිස්‌ බුද්ධි නිලධාරියකු ඔහු වෙත ගොස්‌ කුමක්‌ කරන්නේදැයි විමසීමේදී “කොල්ලො ටිකක්‌ එන්න කිව්වා ඒ නිසා ආවා” යෑයි පවසා තිබෙනවා.

මත්කුඩු වැටලීමේ යෙදෙන අතරතුර මීට වසරකට පමණ ඉහත පොලිස්‌ පරීක්‍ෂක රංගජීවට පිළියන්දල ප්‍රදේශයේදී එල්ලවූ මාරාන්තික වෙඩි ප්‍රහාරය පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව සිදුකෙරුණක්‌ බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අනුව අදාළ පාතාල සාමාජිකයා රංගජීව රැගෙන එන අවස්‌ථාවේ අධිකරණ භූමියේ රැඳී සිටියේ තවත් සැලසුමකට අනුව ඔත්තු බැලීමටදැයි පොලිසියට සැක මතුවී ඇති බව සඳහන්.

පොලිස්‌ බුද්ධි අංශ මේ පිළිබඳ විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!