Gossip

යුද හමුදාවේ දෙදෙනෙකුටත් කොරෝනා ආසාදනය වෙයි.. හොරණ නගරයේ වෙළඳසැල් හතරක්ද වසා දමයි..

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට යොමු කරවීමට කටුනායක ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්තව සිටි යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදනයවීමෙන් අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
මේ සමගම මෙම නිලධාරීන් දෙදෙනා සමග සමීපව රාජකාරි කළ හමුදා නිලධාරීන් හා සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා..
මෙම නිලධාරීන් දෙදෙනා හොරණ හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
හොරණ සේවය කළ යුද හමුදා නිලධාරියා හොරණ නගරයේ වෙළෙඳසල් හතරකට ගොස් සිටි නිසා තාවකාලිකව ඒවා වසා දැමීමට හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.. මෙම නිලධාරියා ආරක්ෂිත ක්‍රමවේද යොදාගෙන වෙළෙඳසල්වලට පැමිණ තිබුණද වෙළෙඳසල්වල සේවකයන්ව පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතයි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!