Gossip

මෙරට 11 වැනි කොරෝනා මරණයේ සියළු තොරතුරු මෙන්න

කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 11 වන කොරෝනා ආසාදිත මරණයයි.

ඊයේ(31) රාත්‍රී 11 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට පුද්ගලයින් 822 ක් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

පුද්ගලයින් 801 ක් මේ වන විට පුර්ණ සුවය ලබා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!