Gossip

යුද ගිනි දැල්වුණු උතුරු පළාතෙන් ඇවිත් කොළඹ කුලී නිවසක ඉඳන් මව්බිම දිනවූ ලොව උසම නෙට් බෝල් ක්‍රීඩිකාව තර්ජිණී ශිවලිංගම්ගේ ඔබ නොදත් කතාව – Photos

ආසියානු කුසලාන දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාව ජයගැනීම ගැන තවමත් හැමතැනම වගේ කතාවෙනවා.
මේ ජයත් සමග කවුරුත් කතා කරපු ක්‍රීඩිකාව තමයි තර්ජිණි ශිවලිංගම්.
ඇයගේ විශේෂත්වය වන්නේ අනෙක් ක්‍රීඩකයන්ට වඩා උස වීමත් ඇයත් සමග කරට කර ක්‍රීඩා කරන්නට වෙනත් රටක ක්‍රීඩිකාවක් නොමැති වීමත් නිසා.
ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන්නෙත් තර්ජිණී.
ඇය අඩි 6ක් සහ අගල් 10ක උසින් යුක්තය.
ඇය 1980 උපත ලබා තිබෙන අතර මේ වනවිට ඇය 38 වැනි වියේ පසුවනවා.
උතුරු පළාතේ උපත ලද සිය පවුල සහ සමීපතමයන්ද නොමැතිව කොළඹ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන්නේ මවුබිම වෙනුවෙන් නෙට්බෝල් ක්‍රීඩා කිරීමට නම් කොළඹ ප්‍රදේශයේ ජීවත්ව සිටිය යුතු නිසාය.
ඇය මවුබිමට මෙතරම් අභිමානයක් ගෙන එන්නේ එලෙස කටුක දිවියක් ගත කරමින් වීමද විශේෂත්වයක්.
තර්ජිනී 2011 ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේදි ඇය ශ්‍රී ලංකා නායිකාව ලෙසින් කටයුතු කරමින් ලොව හොදම දැල් පන්දු විදින්නිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.
කලක් ඇයට ජාතික කණ්ඩායමෙන් ඉවත්විමටද සිදුවුණා.
කෙසේ වෙතත් අවසානයේ සුදුස්සාට සුදුසු තැන හිමිවෙමින් ඇයට ජාතික කණ්ඩායමේ ඉඩ හිමිවුණා.
යුද්ධයෙන් බැට කෑ රටක, වෙඩි හඬ සැමදා ඇසුනු උතුරු පළාතේ දැරියන් දැන් දැල් පන්දුවට ආදරය කරනු ඇත.
ශ්‍රී ලාංකික නාමය ලොවක් ඉදිරියේ බැබලවූ තර්ජිනී ඔබට දේශයේ උපහාරය…!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!