Gossip

යතුරු පැදි පහකින් ඇවිත් කෝවිලේ බැතිමතුන්ට පහර දීලා – තෛපෝංගල් දිනයේ කඩු රැගත් පිරිසක් කෝවිලක යකා නටයි

සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සූර්ය දෙවියන්ට පුද පුජා පවත්වන තෛපෝංගල් දිනය හින්දු බැතිමතුන් ඊයේ (15) සමරනු ලැබුවා.

නමුත් ඊයේ දිනයේ තෛපෝංගල් සැමරීමට කෝවිලට ගිය තරුණයෙක් රෝහල් ගත කෙරුණු අවාසනාවන්ත පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ එම තරුණයා යාපනයේ වන්නාර්පන්නෙයි ප්‍රදේශයේ පිහිටි නාච්චිමලර් කෝවිලේ පැවති දේව පූජාවට සහභාගී වී සිටි අතරවාරයේයි.

අදාළ දේව පූජාව පැවැත්වූ අවස්ථාවේ එහි සිටි පිරිසකට කඩු අතින් ගත් තරුණයින් පිරිසක් පැමිණ පහර දී තිබෙනවා.

මේ කඩු ප්‍රහාරය වළක්වන්නට තරුණයෙක් ඉදිරිපත් වුවත් කඩුගත් පිරිස විසින් එම තරුණයාව කපා කොටා දමා පලාගොස් තිබෙනවා.

අදාළ සිද්ධියෙන් අනතුරුව නාච්චිමලර් කෝවිලේ පිරිසක් ගිලන් රථයක් ගෙන්වා තුවාල ලත් තරුණයා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

කඩු රැගෙන ආ පිරිස යතුරු පැදි පහකින් කෝවිලට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!