Gossip News

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා ලංකාවට තව තියෙන්නේ වාහන 3000 යි

මෝටර් රථ ආනයනය අත්හිටුවීමට රජය ගත් තීරණය නිසා මේ වනවිට බොහෝ වාහන අංගන හිස්ව ඇති බවත්, ඇතැම් වාහන අංගන වාහන දෙක තුනකට සීමා වී ඇති බවත් වාර්තා වේ.
ආරංචි මාර්ග පවසන පරිදි මේ වනවිට වාහන අංගනවල ඉතිරිව ඇත්තේ, ලියාපදිංචි නොකළ මෝටර් රථ 3000 ක් පමණ ප්‍රමාණයකි.
මෙරට වැඩියෙන්ම අලෙවි වූ සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, සී.එච්.ආර්. වෙසල්, ග්‍රේස් රථ මෙරට වෙළඳපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද වාර්තා වනවා.
ඉතිරිව ඇති මෝටර් රථ සඳහාද ඉතා දැඩි ඉල්ලුමක් පවතින බැවින් වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එවැනි ඉහළ මිල ගණන්වලට පවා විශාල ඉල්ලුමක් ඇති බවත් එලෙස පවතින ඉල්ලුමට සැපයුම සිදුකළ නොහැකි බවත් වෙළෙඳ පොල ආරංචි මාර්ග පවසනවා.
පවතින තත්ත්වය හමුවේ වාහන අංගනවල නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම පවා ගැටලුවක් වී ඇති අතර , වාහන ආනයනකරුවන් සහ ‍ වාහන අලෙවි කරුවන් බැංකු මගින් ලබාගෙන ඇති ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇත. ඇතැම් ව්‍යාපාරිකයන්ට නැවත සිය ව්‍යාපාරය ආරම්භ කරගත නොහැකි මට්ටමට තත්වය බරපතල වී ඇති බවද වාර්තා වනවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!