Gossip

මොන හේතුවකටද මන්දා මගේ හිතේ පුතෙකුට කැමැත්ත තිබුණේ – එයා දුවෙක් බලාපොරෝත්තුවෙන් හිටියේ – ඕෂධී හේවාමද්දුම

ඕෂධී හේවාමද්දුම ආයෙත් සැරයක් මව් පදවිය ලැබුවා. ඉතින් ඒ ගැන ඕෂධී පුවත්පතක් සමග මේ විදියට තොරතුරු කියලා තිබුණා.

ඕෂධී ආයෙමත් අම්මා කෙනෙක් වුනා නේද..?
ඔව් පසුගිය 19 වැනිදා මට දුවෙක් ලැබුනේ. මම දැන් දෙදරු මවක්.

දෙවැනි වතාවටත් පුතෙක් නේද බලාපොරොත්තු වුණේ..?
ඔව්. මොන හේතුවකටද මන්දා මගේ හිතේ පුතෙකුට කැමැත්ත තිබුණේ.

පුතෙක් බලාපොරොත්තුවෙන් ඉදලා දුවෙක් ලැබුනම මොකද හිතුණේ..?
පුතෙකුට කැමැත්තෙන් හිටියා තමයි. මගේ දු පැටික්කිගේ මුහුණ දැක්කම දුවෙක් ලැබුණු එක හොදයි කියලා හිතෙනවා.

සැමියා ප්‍රදීප් මොකද හිතන්නේ..?
කියලා නිමකරන්න බැරි සතුටකින් එයා ඉන්නේ. මොකද එයා දුවෙක් බලාපොරෝත්තුවෙන් හිටියේ. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණා.

සෙල්ලම් කරන්න මල්ලියෙක් ඕන කිව්ව ඕෂධීගේ ලොකු පුතා නංගිව දැකලා මොකද කිව්වේ..?
මාස දෙක තුනකට කලින් මට දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තා. ඒ නිසා අපි පුතාට කිව්වා අම්මි නංගි කෙනෙක් ගේන්නේ මල්ලිට වඩා නංගි හොදට සෙල්ලම් කරයි කියලා. දැන් හරිම ආසාවෙන් ලගට වෙලා ඉන්නවා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!